යුරෝපයම තැතිගත් අසාමාන්‍ය කාලගුණය.. ප්‍රංශයෙන් ඇසෙන අවාසනාවන්ත පුවතේ සම්පූර්ණ විස්තරය මෙන්න.
ප්‍රංශය ඇතුළු බටහිර යුරෝපා කලාපය පුරා දැනට පවතින අසාමාන්‍ය හා වාර්තාගත අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 7ක් වාර්තා වී තිබෙනවා.
ප්‍රංශ රජය විසින් මේ බව නිල වශයෙන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රජයේ මාධ්‍ය ප්‍රකාශක මෝඩ් බ්‍රෙගොන් මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළා.
මෙම මරණ හතම සෘජුව හෝ වක්‍රව පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුව ඇති බව ඇය සඳහන් කළා.
විශේෂයෙන්ම අධික රස්නයෙන් බේරීම සඳහා ජලාශ හා මුහුදට බැසීම නිසා සිදුවූ දියේ ගිලීම් මරණ 5ක් මීට ඇතුළත් වන අතර අධික උෂ්ණත්වය හමුවේ ක්‍රීඩා ඉසව්වලට සහභාගී වූවන් අතරින් සෙසු මරණ වාර්තා වී තිබෙනවා.
ප්‍රංශයේ කාලගුණ විද්‍යා ආයතනය (Météo-France) පවසන පරිදි, මැයි මාසයක් සඳහා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ජාතික සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය සඳුදා සටහන්ව තිබෙනවා.
පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් එරට ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා.
සෞඛ්‍ය අංශ මේ වන විටත් මහජනතාව වෙත උපදෙස් මාලාවක් නිකුත් කරමින් සිටින අතර, අනවශ්‍ය ලෙස සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් වළකින ලෙස ඔවුන් දැනුම් දී තිබෙනවා.