යුරෝපයම තැතිගත් අසාමාන්‍ය කාලගුණය.. ප්‍රංශයෙන් ඇසෙන අවාසනාවන්ත පුවතේ සම්පූර්ණ විස්තරය මෙන්න.
Wednesday, 27 May 2026 - 9:54 | Views - 72
ප්‍රංශය ඇතුළු බටහිර යුරෝපා කලාපය පුරා දැනට පවතින අසාමාන්‍ය හා වාර්තාගත අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 7ක් වාර්තා වී තිබෙනවා.

ප්‍රංශ රජය විසින් මේ බව නිල වශයෙන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රජයේ මාධ්‍ය ප්‍රකාශක මෝඩ් බ්‍රෙගොන් මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළා.

මෙම මරණ හතම සෘජුව හෝ වක්‍රව පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුව ඇති බව ඇය සඳහන් කළා.

විශේෂයෙන්ම අධික රස්නයෙන් බේරීම සඳහා ජලාශ හා මුහුදට බැසීම නිසා සිදුවූ දියේ ගිලීම් මරණ 5ක් මීට ඇතුළත් වන අතර අධික උෂ්ණත්වය හමුවේ ක්‍රීඩා ඉසව්වලට සහභාගී වූවන් අතරින් සෙසු මරණ වාර්තා වී තිබෙනවා.

ප්‍රංශයේ කාලගුණ විද්‍යා ආයතනය (Météo-France) පවසන පරිදි, මැයි මාසයක් සඳහා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ජාතික සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය සඳුදා සටහන්ව තිබෙනවා.

පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් එරට ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා.

සෞඛ්‍ය අංශ මේ වන විටත් මහජනතාව වෙත උපදෙස් මාලාවක් නිකුත් කරමින් සිටින අතර, අනවශ්‍ය ලෙස සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් වළකින ලෙස ඔවුන් දැනුම් දී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top