නාවික හා ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්.. දිවයින වටා මුහුදු තීරයේ පවතින වත්මන් තත්ත්වය මෙන්න.
Wednesday, 27 May 2026 - 9:13 | Views - 81
දිවයින වටා මුහුදු ප්‍රදේශවල මුහුද අතිශයින් රළු විය හැකි බවත්, ඇතැම් වෙරළාශ්‍රිත ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට ගැලීමේ අවදානමක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

පවතින මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් නාවික සහ ධීවර ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ මෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, එම මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇති වියහැකි බව වාර්තා වෙනවා.

මේ අතර, කල්පිටිය සිට කොළඹ හා ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල, මුහුදු රළ ගොඩබිමට ගැලීමේ වැඩි හැකියාවක් පවතිනවා.

මේ හේතුවෙන් එම වෙරළාශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවද දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

අපදා කළමනාකරණ අංශ ද වෙරළබඩ කලාපයේ පවතින තත්ත්වය පිළිබඳව මේ වන විටත් නිරන්තර අවධානයෙන් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top