රන් සොයා ගිය ජීවිත 7ක් සතියකට ආසන්න කාලයක් ගුහාවක සිරවෙයි.. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන ඔවුන් ගැන ඇසෙන කතාව මෙන්න....
Tuesday, 26 May 2026 - 12:09 | Views - 36
මේ කියන්න යන්නේ ඇසූවන් විමතියට පත් කරන තවත් එක් සිදුවීමක් ගැන ඇසෙන කතාවක්. ඒ කතාව ඇසෙන්නේ විදෙස් රටකින්.


මධ්‍යම ලාඕසයේ (Laos) කඳුකර පළාතක් වන සයිසොම්බුන් (Xaysomboun) හි ගංවතුරෙන් යට වූ රන් ආකර ගුහාවක් තුළ සතියකට ආසන්න කාලයක් සිරවී සිටින ගම්වැසියන් හත් දෙනෙකු බේරාගැනීමේ අතිශය අවදානම් සහගත මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.

පසුගිය මැයි 20 වනදා මෙම පිරිස රන් සෙවීම සහ සතුන් දඩයම් කිරීම සඳහා ලෝන්ග් චෙං (Long Chaeng) දිස්ත්‍රික්කයේ පිහිටි මෙම බිහිසුණු ගුහාවට ඇතුළු වී ඇති අතර, ඉන් අනතුරුව ඇද හැලුණු අධික මෝසම් වැසි හේතුවෙන් ක්ෂණික ගංවතුරක් සහ නායයෑමක් සිදුව තිබෙනවා.

මේ නිසා ගුහාවේ පිවිසුම් මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම අනතුරෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ අටවන පුද්ගලයා, ඉහළ යන ජල කඳ මධ්‍යයේ පිහිනමින් මහත් පරිශ්‍රමයකින් ගුහාවෙන් පිටතට පැමිණ බලධාරීන් දැනුවත් කිරීමත් සමඟයි මෙම සුවිශේෂී මුදාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ.

2018 තායිලන්ත ගුහා මෙහෙයුමේ ප්‍රවීණයන් මෙහෙයුමට එක්වෙයිමෙම ලාඕස් ගුහා පද්ධතිය අතිශය පටු සහ සංකීර්ණ එකක් වන අතර ඇතැම් ස්ථාන සෙන්ටිමීටර 50ක් (අඟල් 20ක්) තරම් ඉතා පටු ස්වභාවයක් ගන්නවා. මඩ සහිත අපැහැදිලි ජලයෙන් සම්පූර්ණයෙන්ම පාහේ යට වී ඇති මෙම පටු මාර්ග ඔස්සේ සහන සේවා කිමිදුම්කරුවන්ට ඉදිරියට යාමට සිදුව ඇත්තේ ඉතාමත් අපහසුවෙනි.

මෙම සවාභාවය නිසාම, වත්මන් මෙහෙයුම සඳහා 2018 වසරේ ලෝක ප්‍රසිද්ධ තායිලන්තයේ 'තම් ලුආන්ග්' (Tham Luang) ගුහාව තුළ සිරවූ පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගත් ජාත්‍යන්තර ප්‍රවීණ කිමිදුම්කරුවන් කිහිපදෙනෙකුද එක්ව සිටිනවා.

ඒ අතර ෆින්ලන්ත ජාතික මිකෝ පාසි (Mikko Paasi) සහ තායිලන්තයේ නොරසෙඩ් පලාසින් (Norrased Palasing) යන පළපුරුදු කිමිදුම් විශේෂඥයින් ප්‍රධාන වනවා. වත්මන් තත්ත්වය සහ පවතින බාධාමෙහෙයුමට සම්බන්ධ තායි සහන කණ්ඩායමේ සාමාජිකයෙකු වන චක්‍රිට් තැංටැං (Chakkrit Taengtang) සඳහන් කරන්නේ ගුහාව තුළ රැඳී ඇති ජලය දහවලුත් රෑත් නොබලා මෝටර් රථ ආධාරයෙන් පිටතට පොම්ප කරන බවයි.

සිරවී සිටින පිරිසෙන් මෙතෙක් කිසිදු ජීවී ලකුණක් හෝ සන්නිවේදනයක් ලැබී නොමැති වුවත්, ඔවුන් ගුහාවේ මීටර් 100ක් පමණ ඇතුළතින් පිහිටි ආරක්ෂිත උස් කුටීරයක් (Elevated Chamber) වෙත පසුබැස ඇති බවට සහන කණ්ඩායම් විශ්වාස කරනවා. සහන සේවකයන් මේ වන විට ඔවුන් සිටිනවා යැයි අනුමාන කරන ස්ථානයට මීටර් 30ක් පමණ ආසන්නයටම ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයට නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගුහාව තුළ ජල මට්ටම නැවත නැවතත් ඉහළ යාම සහ ඇතුළත ඇති පස් හා ගල් කැබලි (Debris) නිසා මෙහෙයුම් කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. මීට අමතරව කඳුකර ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානයට ළඟා වීමට සහ උපකරණ රැගෙන යාමට සහන සේවකයන්ට පැය දෙකකට ආසන්න දුෂ්කර කඳු නැගීමක යෙදීමටද සිදුව තිබෙනවා.

පවතින භයානක සහ තීරණාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලාඕස් හමුදාව, පොලිසිය සහ තායිලන්ත ස්වේච්ඡා සහන සේවා ආයතන එක්ව මෙහෙයුම් තවදුරටත් වේගවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, චීන පතල් සමාගමක සහාය ඇතිව කන්ද ඉහළින් සිදුරු කර (Drilling) විකල්ප මාර්ගයක් සකස් කිරීමටද මේ වන විට උත්සාහ කරමින් පවතිනවා.

Metta Tham Rescue Kalasin Rescuers trying to fix an orange pump onto one of the cave's entrancesThai rescuers join effort to free seven people trapped in Laos cave | Laos  | The GuardianRescuers race to reach 7 trapped in a Laos cave after flash floods block  exit | News | kdhnews.comThai rescuers join effort to free seven people trapped in Laos cave | Laos  | The Guardian
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂකයින් අතරත් සදා නොමැකෙන මතකයන් ඉතිරි කළ, හැමදාමත්...
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය තුළ වගේම ප්‍රේක්ෂක හදවත්වලත් නොමඳ ආදරයක් දිනාගෙන සිටින ආදරණීය...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top