Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
රන් සොයා ගිය ජීවිත 7ක් ගුහාවක සිරවෙයි.. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන ඔවුන් ගැන ඇසෙන කතාව මෙන්න....
Tuesday, 26 May 2026 - 12:09 |
Views
- 269
මේ කියන්න යන්නේ ඇසූවන් විමතියට පත් කරන තවත් එක් සිදුවීමක් ගැන ඇසෙන කතාවක්. ඒ කතාව ඇසෙන්නේ විදෙස් රටකින්.
මධ්‍යම ලාඕසයේ (Laos) කඳුකර පළාතක් වන සයිසොම්බුන් (Xaysomboun) හි ගංවතුරෙන් යට වූ රන් ආකර ගුහාවක් තුළ සතියකට ආසන්න කාලයක් සිරවී සිටින ගම්වැසියන් හත් දෙනෙකු බේරාගැනීමේ අතිශය අවදානම් සහගත මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.
පසුගිය මැයි 20 වනදා මෙම පිරිස රන් සෙවීම සහ සතුන් දඩයම් කිරීම සඳහා ලෝන්ග් චෙං (Long Chaeng) දිස්ත්‍රික්කයේ පිහිටි මෙම බිහිසුණු ගුහාවට ඇතුළු වී ඇති අතර, ඉන් අනතුරුව ඇද හැලුණු අධික මෝසම් වැසි හේතුවෙන් ක්ෂණික ගංවතුරක් සහ නායයෑමක් සිදුව තිබෙනවා.
මේ නිසා ගුහාවේ පිවිසුම් මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම අනතුරෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ අටවන පුද්ගලයා, ඉහළ යන ජල කඳ මධ්‍යයේ පිහිනමින් මහත් පරිශ්‍රමයකින් ගුහාවෙන් පිටතට පැමිණ බලධාරීන් දැනුවත් කිරීමත් සමඟයි මෙම සුවිශේෂී මුදාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ.
2018 තායිලන්ත ගුහා මෙහෙයුමේ ප්‍රවීණයන් මෙහෙයුමට එක්වෙයිමෙම ලාඕස් ගුහා පද්ධතිය අතිශය පටු සහ සංකීර්ණ එකක් වන අතර ඇතැම් ස්ථාන සෙන්ටිමීටර 50ක් (අඟල් 20ක්) තරම් ඉතා පටු ස්වභාවයක් ගන්නවා.
මඩ සහිත අපැහැදිලි ජලයෙන් සම්පූර්ණයෙන්ම පාහේ යට වී ඇති මෙම පටු මාර්ග ඔස්සේ සහන සේවා කිමිදුම්කරුවන්ට ඉදිරියට යාමට සිදුව ඇත්තේ ඉතාමත් අපහසුවෙනි.
මෙම සවාභාවය නිසාම, වත්මන් මෙහෙයුම සඳහා 2018 වසරේ ලෝක ප්‍රසිද්ධ තායිලන්තයේ 'තම් ලුආන්ග්' (Tham Luang) ගුහාව තුළ සිරවූ පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගත් ජාත්‍යන්තර ප්‍රවීණ කිමිදුම්කරුවන් කිහිපදෙනෙකුද එක්ව සිටිනවා.
ඒ අතර ෆින්ලන්ත ජාතික මිකෝ පාසි (Mikko Paasi) සහ තායිලන්තයේ නොරසෙඩ් පලාසින් (Norrased Palasing) යන පළපුරුදු කිමිදුම් විශේෂඥයින් ප්‍රධාන වනවා.
වත්මන් තත්ත්වය සහ පවතින බාධාමෙහෙයුමට සම්බන්ධ තායි සහන කණ්ඩායමේ සාමාජිකයෙකු වන චක්‍රිට් තැංටැං (Chakkrit Taengtang) සඳහන් කරන්නේ ගුහාව තුළ රැඳී ඇති ජලය දහවලුත් රෑත් නොබලා මෝටර් රථ ආධාරයෙන් පිටතට පොම්ප කරන බවයි.
සිරවී සිටින පිරිසෙන් මෙතෙක් කිසිදු ජීවී ලකුණක් හෝ සන්නිවේදනයක් ලැබී නොමැති වුවත්, ඔවුන් ගුහාවේ මීටර් 100ක් පමණ ඇතුළතින් පිහිටි ආරක්ෂිත උස් කුටීරයක් (Elevated Chamber) වෙත පසුබැස ඇති බවට සහන කණ්ඩායම් විශ්වාස කරනවා.
සහන සේවකයන් මේ වන විට ඔවුන් සිටිනවා යැයි අනුමාන කරන ස්ථානයට මීටර් 30ක් පමණ ආසන්නයටම ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශයට නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගුහාව තුළ ජල මට්ටම නැවත නැවතත් ඉහළ යාම සහ ඇතුළත ඇති පස් හා ගල් කැබලි (Debris) නිසා මෙහෙයුම් කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
මීට අමතරව කඳුකර ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානයට ළඟා වීමට සහ උපකරණ රැගෙන යාමට සහන සේවකයන්ට පැය දෙකකට ආසන්න දුෂ්කර කඳු නැගීමක යෙදීමටද සිදුව තිබෙනවා.
පවතින භයානක සහ තීරණාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලාඕස් හමුදාව, පොලිසිය සහ තායිලන්ත ස්වේච්ඡා සහන සේවා ආයතන එක්ව මෙහෙයුම් තවදුරටත් වේගවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම, චීන පතල් සමාගමක සහාය ඇතිව කන්ද ඉහළින් සිදුරු කර (Drilling) විකල්ප මාර්ගයක් සකස් කිරීමටද මේ වන විට උත්සාහ කරමින් පවතිනවා.
Share This Article
Health & Life
ඌරන් අතරින් මතුවූ මාරාන්තික වසංගතය.. සෞඛ්‍ය අංශ හෙළි කළ සැබෑ තත්ත්වය මෙන්න.
Thursday, 29 October 2026 - 15:30
102
Views
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Read More
කොළඹ නගරයේ අධික ජන ඝනත්වය නිසා ක්ෂය රෝග අවදානමක්.. සෞඛ්‍ය අමාත්‍යවරයා මැති සබයේදී හෙළි කරයි.
Friday, 23 October 2026 - 15:58
113
Views
කොළඹ නගරයේ පවතින අධික ජන ඝනත්වය වසර ගණනාවක්...
Read More
ඔබේ ගෙවත්ත ගැනත් අදම සොයා බලන්න.. දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තියේ දැවැන්ත ඉහළ යාමක්..
Saturday, 17 October 2026 - 16:53
128
Views
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Read More
මට නම් කිසිම ලෙඩක් නෑ කිය කියා ඉන්නවද? හෘදයාබාධවලින් ජීවිතය බේරාගන්න ඔබ අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු දේ..
Friday, 16 October 2026 - 19:15
141
Views
මට නම් කිසිම ලෙඩක් නෑ, මට කොහොමත් හාට් ඇටෑක්...
Read More
එංගලන්ත සෞඛ්‍ය සේවයෙන් නව මාර්ගෝපදේශ.. සංක්‍රාන්ති ලිංගිකයන්ට රෝහල්වලදී සැලකෙන ආකාරය මෙන්න..
Friday, 16 October 2026 - 16:00
136
Views
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල්වල...
Read More
View All
Entertainment
"අපේ ආදර කැදැල්ලට ආපු අලුත්ම ආශිර්වාදය..." රාජපක්ෂ කැදැල්ල තවත් හැඩකරමින් මොන්ටි නෝවා පුංචි පුතු මෙලොව එළිය දකී..
Saturday, 31 October 2026
190
Views
කොයි කාගේත් ආදරය දිනාගත් සොඳුරු සිනහව.. නෙත්මි රොෂෙල් මුහුණුපොතට එක්කළ මනරම් රූපරාමු පෙළ..
Friday, 30 October 2026
83
Views
"ඇයට ආදරය නොකරන කෙනෙක් නම් නැති තරම්.." ලොව වටා රසිකයන් මවිත කළ කාංචනාගේ අලුත්ම පින්තූර පෙළ..
Thursday, 29 October 2026
80
Views
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Read More
දුෂේනි - චතුරංග සුපිරි wedding එකේ , නොදුටු දසුන්.. (Photos)
Tuesday, 13 October 2026
165
Views
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Read More
පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ගීතයකට නඟමින් සංගීත ලෝකය යළි ජයගත් ඇෂේගේ අපූරු කතාව..
Sunday, 11 October 2026
151
Views
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Read More
View All
Technology
තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්.. ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට..
Friday, 16 October 2026
123
Views
ලෝක සිනමා ලෝලීන්ගේ අවධානය දිනාගත් පිංයාඕ සිනමා උළෙල ඇරඹෙයි.. AI රොබෝවරුන්ගේ විස්මිත ඩාන්ස් එක මෙන්න..
Friday, 25 September 2026
202
Views
AI කියන එක නතර කරන්නැයි ට්‍රම්ප්ගෙන් බලවත් ඉල්ලීමක්..
Wednesday, 23 September 2026
219
Views
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Read More
කෘත්‍රිම බුද්ධිය හමුවේ චීනයේ තරුණ පරපුරට ලොකු පහරක්.. රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්..
Monday, 21 September 2026
193
Views
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Read More
ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් 3ක පද්ධතිවලට Gemini AI කඩාවැදුණු හැටි.. තාක්ෂණික ලෝකය දෙදරා ගිය පුවත..
Saturday, 19 September 2026
225
Views
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
තිරගත වීමටත් පෙර Ramayana චිත්‍රපටය වාර්තා තබයි.. ප්‍රවේශපත්‍ර ලක්ෂ 3ක් අලෙවි වෙයි..
Friday, 30 October 2026
84
Views
Narnia අලුත්ම චිත්‍රපටය 2027දී සිනමාහල්වලට.. ලොව පුරා රසිකයින් උන්මාදයට පත් කළ මනරම් ට්‍රේලරය
Friday, 16 October 2026
144
Views
ලොවම කැළඹූ Fast & Furious පුංචි තිරයට.. 2028දී එන අලුත්ම කතා මාලාව ගැන තොරතුරු මෙන්න.
Saturday, 03 October 2026
181
Views
'Avengers: Doomsday' එන්න කලින් රසිකයින්ට සුපිරි ආරංචියක්.. 'Endgame' චිත්‍රපටයට එක්වූ අලුත්ම දර්ශන 4 මෙන්න..
Friday, 25 September 2026
639
Views
හොලිවුඩයෙන් එන අලුත්ම සිනමා භීතිකාව.. 'Other Mommy' සිනමාපටය ළඟදීම තිරයට..
Thursday, 27 August 2026
335
Views
View All
Most Viewed
පළාත් හයකට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 ඉක්මවූ තද වැසි.. අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න.
Monday, 09 November 2026
36
Views