ලෝකයම හොල්ලමින් අමෙරිකාව පිටසක්වල රහස් හෙළි කරයි. තවත් රහසිගත ලේඛන පෙළක් එළියට..
Sunday, 24 May 2026 - 11:59 | Views - 134

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පිටසක්වල ජීවීන් සහ හඳුනානොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් මෙතෙක් රහසිගතව තබාගෙන සිටි ලේඛනවල දෙවන කොටස ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
මෙම නවතම ලේඛනගත වාර්තාවල අද්භූත කොළ පැහැති ආලෝක ගෝල (green orbs), තැටි හැඩැති වස්තූන් (discs) හා ගිනි බෝල (fireballs) අහසේ දර්ශනය වූ බවට විවිධ පුද්ගලයන් විසින් කරන ලද ප්‍රකාශ රැසක් ඇතුළත් වෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝගයකට අනුව මෙහි පළමු ලේඛන සමූහය පසුගිය මැයි 8 වැනිදා ප්‍රසිද්ධියට පත් කෙරුණා.
1970 දශකයේ අගභාගයේදී ආරම්භ වූ UFO පිළිබඳ රජයේ වාර්තා හෙළිදරව් කිරීමේ ක්‍රියාවලිය යටතේ, මෙම තොරතුරු ජනගත කිරීමට පියවර ගත් නවතම අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේද ඔහුයි.
නිල වශයෙන් "හඳුනානොගත් විෂම සංසිද්ධි" (unidentified anomalous phenomena) ලෙස හැඳින්වෙන මෙම ලේඛන, ඡායාරූප හා වීඩියෝ පට දිගු කලක් තිස්සේ මහජනතාව අතර විවිධ අනුමාන සහ කුතුහලයන් ඇති කිරීමට හේතු වූ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කළා.
ඒ අනුව, "දැන් අමෙරිකානු ජනතාවට මේවා තමන්ගේම ඇසින් දැක බලා ගැනීමට කාලය පැමිණ තිබෙනවා," යැයි ඔහු සිය නිල ප්‍රකාශයේ සඳහන් කර සිටිනවා.
මෙවර නිකුත් කරන ලද සමස්ත ලේඛන 222 අතර, 1948 සිට 1950 දක්වා කාලය තුළ නිව් මෙක්සිකෝහි පිහිටි 'සැන්ඩියා' (Sandia) නම් අතිශය රහසිගත යුද කඳවුරක් ආශ්‍රිතව සිදුවූ විමර්ශනවලට අදාළ පිටු 116ක විශේෂ වාර්තාවක්ද ඇතුළත්ව තිබෙනවා.
ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, එම යුද කඳවුර අවට අහසේ කොළ පැහැති ආලෝක ගෝල, තැටි හා ගිනි බෝල දර්ශනය වූ අවස්ථා 209ක් පිළිබඳ තොරතුරු මෙම ගොනුවෙහි සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මූලාශ්‍රය - රොයිටර්ස්
Share This Article