විදෙස්ගත අපරාධකරුවන් 226කට රතු නිවේදන.. නියෝජ්‍ය පොලිස්පති කළ හෙළිදරව්ව..
Sunday, 24 May 2026 - 11:26 | Views - 180
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ බරපතළ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 226 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර රතු නිවේදන (Red Notices) නිකුත් කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙසේ රතු නිවේදන නිකුත් කර ඇති පිරිස අතර සංවිධානාත්මක අපරාධකරුවන් 90කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.

මීට පෙර රතු නිවේදන ලබාගෙන සිටි සැකකරුවන් 35 දෙනෙකු හා වෙනත් විවිධ වැරදිවලට සම්බන්ධ වැරදිකරුවන් 33 දෙනෙකු ඇතුළුව සමස්තයක් ලෙස සැකකරුවන් 68ත් 70ත් අතර ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට මේ වනවිට හැකිව තිබෙන බව එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වුවා.

දැනට නිකුත් කර ඇති නව රතු නිවේදනවලට අදාළ සංවිධානාත්මක අපරාධකරුවන් 90කට ආසන්න පිරිස ඩුබායි, ඉන්දියාව, රුසියාව, ඉන්දුනීසියාව හා තායිලන්තය වැනි රටවල සැඟව සිටිනවා.

ඔවුන් සියලු දෙනාම නුදුරේදීම ලංකාවට රැගෙන ඒමේ විශේෂ මෙහෙයුම් සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top