කැළණි ගඟ ද්‍රෝණියට මහා වැසි ඇදහැලෙයි. ඒ අවට පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්..
Sunday, 24 May 2026 - 10:36 | Views - 65
කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 300 කට ආසන්න අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් හංවැල්ලට පහළින් පිහිටි පහත් බිම් රැසකට ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් මෙලෙස ගංවතුර අවදානමට ලක්විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් ඉහත සඳහන් කළ ප්‍රදේශවල ගඟ දෙපස හා පහත් බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ධාවනය වන වාහන පදවන්නන් ද දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

පවතින අවදානම් තත්ත්වය හමුවේ ආරක්ෂිත පියවර ගනිමින් කටයුතු කරන ලෙසයි ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පීඩාවට පත් විය හැකි පිරිස් වෙනුවෙන් සහන සේවා සැපයීමට අදාළ අංශ මේ වන විටත් සූදානමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top