දික්ඔය තිගැස්සූ අපරාධයක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට.. අඹුසැමි යුවළගේ අවසන් කටයුතු අද..
Sunday, 24 May 2026 - 9:24 | Views - 131
හැටන් දික්ඔය නගරයේ වෙළඳසැලක් තුළදී අඹුසැමි යුවලක් තියුණු ආයුධයකින් ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කර, පවුම් 18ක ස්වර්ණාභරණ කොල්ලකා පලා ගිය ප්‍රධාන සැකකරු ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර පැවසුවා.

බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්‍රසෝ තේ වත්තේ පිහිටි නිවසක සැඟව සිටි මෙම සැකකරු, පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

සොරකම් කරන ලද පවුම් 18ක ස්වර්ණාභරණ තොගයද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අත්අඩංගුවට පත් සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දික්ඔය ප්‍රදේශයෙන් විවාහයක් කරගෙන සිටි අයෙකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

ඝාතනය සිදු කිරීමෙන් පසු ඔහු මුහුණු පොත ඔස්සේ හඳුනාගත් කාන්තාවකගේ බගවන්තලාව ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ මෙසේ සැඟව සිට තිබෙනවා.

මේ අතර, ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළගේ දේහයන් මේ වන විට ඔවුන් පවත්වාගෙන ගිය වෙළඳසැලේම තැන්පත් කර තිබෙනවා.

දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (24) දින දික්ඔය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top