වීඩියෝවක් නිසා පොලිස් දැලට හසුවූ උතුරේ යතුරුපැදිකරුවන්.. මාර්ග නීති කඩ කළ අයට ලැබුණු දඬුවම මෙන්න.
සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වූ, උතුරු පළාතේ පැවති සැමරුම් උත්සවයන්ට සමගාමීව මාර්ග නීති කඩ කරමින් ගමන් කළ යතුරුපැදි පෙළපාලියේ සිටි පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව බව පොලිසිය සඳහන් කළා.
අදාළ සැමරුම් උත්සවයේදී මාර්ග නීති සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරමින්, අන්තරායකර ලෙස යතුරුපැදි පදවන ආකාරය දැක්වෙන වීඩියෝ පට සහ ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් තිබුණා.
එම දර්ශන උපයෝගී කරගනිමින් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.
එහිදී හිස්වැසුම් නොමැතිව ගමන් කළ එක් යතුරුපැදියක අංක තහඩුව ඔස්සේ එහි හිමිකරු සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා.
ඉන් අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, අදාළ නීතිවිරෝධී පෙළපාලියට සම්බන්ධ වූ අනෙක් සැකකරුවන් පිළිබඳවද තොරතුරු හෙළි කරගැනීමට හැකි වුණා.
මාර්ග ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කළ මෙවැනි තැනැත්තන් සොයා පොලිසිය තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා.