අදත් ප්‍රදේශ රැසකට වැසි.. තද සුළං හා අකුණු අනතුරු ගැන අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්..
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (24) දිනයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
බස්නාහිර හා සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
කෙසේවෙතත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වෙනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ හා දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවද පෙන්වා දී තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.