"ප්‍රේක්ෂකයන්ට මතක හිටින චරිතයක් වෙන එකයි මගේ බලාපොරොත්තුව.." රංගනයේ හීන ගැන ඇය කියූ වෙනස්ම කතාව..
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.
ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු තිරය හරහා ඔබට බොහොම සුපුරුදු චරිතයක්.
ඔන්න ඉතින් ඇය ගැන, ඇයගේ කලා කටයුතු ගැන මේ වගේ දීර්ඝ කතාවක් දැකගන්න ලැබුණා.
පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
මට අක්කලා තුන්දෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනවා. වැඩක් ලැබුණාම මම එයාලට ඒ විස්තර කියනවා. නමුත් මම ඒකට සම්බන්ධ වෙනවද නැද්ද කියලා එයාලා තීරණය කරන්නෙ නැහැ මොකද ඒ තුන්දෙනාම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ නැති නිසා. ඒ තීරණ ගන්නෙ මමමයි.
සුහර්ෂි සහ ශෙනායා එක වගේද?
ඒක සමාන අසමාන කරන්න මට තේරෙන්නෙ නැහැ. තමන්ගෙ ව්‍යාපාර කටයුතු, තමන් කරන ජොබ් එක හරියට කරන එක නම් මම හිතනව මට සමානයි කියලා.
ජනප්‍රිය වෙන්න හීන දැක්කද?
ඔව්, ඇත්තටම ඒක දැන් මගේ හීනයක්. නමුත් කවදාවත් නිළියක් වෙනවා කියන හීනය මම දැක්කෙ නැහැ පාසල් වේදිකාවකටවත් ගොඩ නොවුණ මම අද මේ තැන ඉන්නෙ අහම්බයකින්. කවදහරි දවසක ප්‍රේක්‍ෂකයන්ට මතක හිටින චරිතයක් වෙලා, අදට වඩා ජනප්‍රිය තැනකට යන්නයි මගේ බලාපොරොත්තුව.
පෙනුමෙ රහස මොකක්ද?
ඇත්තටම ඒකෙ රහසක් නැහැ නමුත් මම මේන්ටේන් වෙනවා. මගේ කොණ්ඩයට මම හරි ආදරෙයි. ඒකට නම් ගොඩක් සාත්තු කරනවා. විලාසිතාවලටත් ගොඩක් ආසයි. ඒත් ඉතිං ටිකක් විතර සීමාසහිතව.
කැමති චරිත එහෙමත් ඇති?
ඔව්, මෙතෙක් මට ලැබිල නැති, කැමති චරිත ගොඩක් තියෙනවා. සමහර විට මගේ පෙනුම නිසා එකම විදිහේ චරිතලැබෙනව ඇති. නමුත් මම ආසයි වෙනස් විදිහේ චරිත ලැබෙනවනම්.
බිරිඳකගේ චරිතය අභියෝගයක් නෙවෙයිද?
ඇත්තටම බයක් දැණුනේ නැහැ මොකද වෙනස් විදිහේ චරිත ලැබෙනව නම් අභියෝගයක් විදිහට මම භාරගන්නවා.
මේ චරිතය මොන වගේද?
ඇත්ත ජීවිතයේ ෂූටිං යනව ගෙදර එනව වගේ නිළියකගේ චරිතයක් තමයි මේ නිර්මාණයේ මට ලැබිල තියෙන්නේ. මොකද මේ ටෙලිය ඇතුළෙත් තියෙන්නෙ ටෙලියක්.
මේ ආරාධනයත් විශේෂ වෙන්න ඇති?
ඔව්, මේ ආරාධනය ලැබුණාම ගොඩක් සතුටු හිතුනා. මායාවී ෂූටිං යන අතරතුර තමයි මට මේ ටෙලි ඩ්‍රාමා දෙකටම ආරාධනා ලැබෙන්නෙ. නමුත් මම හිතුවෙ නැහැ සද්ධා සර්වන් ශිවා සර්වත් නැවත මට වැඩකට කතා කරයි කියලා. මොකද මගෙ හිතේත් පොඩි අවුලක් තිබුණ, අතරමගදි ගිය නිසා මට නැවත වැඩකට කතා කරන එකක් නැහැ කියලා.
ශෙනායා ඉලක්ක සපුරාගෙනද?
මම හිතනව තවම මම මට ඕන තැනට ගිහින් නැහැ කියල. ඉතිං මට තව ඉදිරියට යන්න තියෙනව. ඒ වෙනුවෙන් තමයි මම දැන් වැඩ කරන්නේ.
අහම්බයකින් රංගන ක්‍ෂේත්‍රයට ආවේ නැති නම් අද මොනව කරයිද?
ඇත්තටම මම ආසාවෙන් හිටියෙ පෙර පාසල් ළමයින්ට උගන්වන්න. ඒ නිසා බොහෝ දුරට මම ඒ මාර්ගය තෝරාගෙන තියෙන්න පුළුවන්.
දැන් නර්තනයෙන් ඈත් වෙලාද?
ඔව්, නර්තනයෙන් දැන් ගොඩක් දුරට ඈත් වෙලා. වෙලාවකට අපරාදෙ කියලත් හිතෙනව. නමුත් දැන් මට තියෙන කාල වේලාවත් එක්ක නර්තනය පැත්තට ගියොත් ඒක මැනේජ් කරගන්න බැරිවෙයි කියලත් හිතෙනවා.
සිනමාව පැත්ත ගැන කතා කළොත්?
මම දැනට සම්බන්ධ වෙලා තියෙන්නෙ එක චිත්‍රපටයකට විතරයි. ඇත්තම කිව්වොත් සිනමාවට ලැබෙන ආරාධනා ගොඩක් අඩුයි.
ශෙනායා වැන්හොෆ් කියන්නෙ මොනවගේ කෙනෙක්ද?
ශෙනායා කියන්නෙ ගෙදරට වෙලා පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම මං හරි කැමතියි ෆිල්ම්ස් බලන්න, කෑම හදන්න වගේ දේවල්වලට.
මීවිත අතිරේකයෙන්..