අමෙරිකාවෙන් බංග්ලාදේශයට ආපු කිලෝ 1000ක ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ සමාජ මාධ්‍ය කැළඹූ අපූරු ‘මී හරකා’ මෙන්න..
Saturday, 23 May 2026 - 9:40 | Views - 56
සමාජ මාධ්‍යවල මේ දවස්වල හැමෝම කතා වෙන්නේ අපූරු මී හරකෙක් ගැනයි. නිකම්ම නිකම් මී හරකෙක් නෙවෙයි කිලෝග්‍රෑම් 1000ක් බර මී හරකෙක්.. ඒ කියන්නේ ටොන් එකකටත් වඩා වැඩියි.

මේ අපූරු සත්ත්වයා නිසා දැන් මුළු බංග්ලාදේශයේම සමාජ මාධ්‍ය ජාලා උඩුයටිකුරු වෙලා තිබෙනවා.

හැබැයි මේ කතාවේ රසවත්ම හරිය ඒක නෙවෙයි. මේ මී හරකාගේ අයිතිකරු එයාට දාලා තියෙන නම තමයි ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ (Donald Trump)

ඉදිරියේදී උදාවන මුස්ලිම් බැතිමතුන්ගේ ‘ඊද්-උල්-අදා’ (Eid-ul-Adha) උත්සවය වෙනුවෙන් බංග්ලාදේශයේ වෙළඳපොළට ඉදිරිපත් කරන්න මේ මී හරකාව ලෑස්ති කරලා තිබෙනවා.

බංග්ලාදේශයේ රාජ්ෂාහි (Rajshahi) ප්‍රදේශයේ ගොවිපළක තමයි මෙයා හැදී වැඩුණේ. දේශීය ගොවීන් පිරිසක් විසින් ඉතාමත් ආදරයෙන්, විශේෂ සත්කාර වගේම ගුණාත්මක ආහාර ලබා දෙමින් මාස ගණනාවක් තිස්සේ මේ සත්ත්වයා ඇති දැඩි කළා.

'ඩොනල්ඩ් ට්‍රම්ප්' ලෙස නම් කර ඇති මෙම මී හරකාගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා ලැව්ගින්නක් වගේ පැතිර යන්න පටන් ගත්තා. දැන් ඔහුව සජීවීව දැක බලා ගැනීමට හා සෙල්ෆි ඡායාරූප ගැනීමට විශාල පිරිසක් දිනපතාම මේ ගොවිපළ වෙත ඇදී එමින් සිටිනවා.

‘ඊද්-උල්-අදා’ උත්සව සමයේදී සතුන් විකිණීම බංග්ලාදේශයේ ගොවීන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වෙනවා. ඉතින් මේ වෙද්දි ලැබිලා තියෙන ප්‍රසිද්ධියත් එක්ක, ‘ට්‍රම්ප්’ ගේ අයිතිකරු ඔහුව විකිණීම සඳහා ඉතා අධික මුදලක් බලාපොරොත්තුවෙන් සිටිනවා.

සත්ත්වයාගේ තියෙන ආකර්ෂණීය පෙනුම නිසාම, මේ වසරේ වෙළඳපොළේ වැඩිම ඉල්ලුමක් ඇති හා වැඩිම මිලකට අලෙවි වන සත්ත්වයා බවට ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ පත්වනු ඇති බව හැමෝම විශ්වාස කරනවා.

බංග්ලාදේශයේ මෙවැනි උත්සව සමයන්හිදී සතුන්ට සුවිශේෂී නම් තැබීම සාමාන්‍ය දෙයක් වුණත්, මෙවර ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ නමක් භාවිත කිරීම නිසා ජාත්‍යන්තර මාධ්‍යවල පවා අවධානය මේ වෙත යොමු වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු සුපිරි නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් (Sir David Beckham), එක්සත්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top