ගංවතුර හා නායයෑම් අවදානම තවත් දරුණු වෙයි.. අත්තනගලු ඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ වෙයි..
Saturday, 23 May 2026 - 11:00 | Views - 70
දිවයින පුරා පවතින දරුණු අයහපත් කාලගුණික වටපිටාව තවදුරටත් වර්ධනය වෙමින් පවතින පසුබිමක, ගම්පහ හා ඒ අවට වෙසෙන ජනතාව මුහුණ දෙන ගංවතුර අවදානම මෙන්ම කඳුකර දිස්ත්‍රික්කවල පවතින නායයෑම් අවදානම ද තවදුරටත් දීර්ඝ කිරීමට ආපදා කළමනාකරණ අංශ පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

තවද, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවන්වැල්ල සහ දෙහිඕවිට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට හා ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කළ නායයෑමේ රතු නිවේදනය තවදුරටත් බලාත්මකයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, හොරණ, ඉංගිරිය හා පාලින්දනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට හා රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන හා නිවිතිගල යන ප‍‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළා.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පස් කඳුවල පැලීම්, එකවර උල්පත් ජලය බොර වීම වැනි ලක්ෂණ දුටු වහාම ළඟම ඇති පොලිස් ස්ථානය හෝ ආපදා සහන අංශ දැනුවත් කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව තහවුරු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු සුපිරි නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් (Sir David Beckham), එක්සත්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top