සති අන්තයේ එළියට බහිනවා නම් පරිස්සමෙන්.. නිරිත දිග මෝසම් වැසි තවදුරටත්.. මෙන්න නවතම කාලගුණ නිවේදනය..
Saturday, 23 May 2026 - 9:52 | Views - 183
මේ දවස්වල ඇද හැලෙන මහා වැස්සත් එක්ක ලංකාවේ පැති කිහිපයකටම සෑහෙන්න තද බලපෑම් එල්ල වෙමින් පවතිනවා නේ.. සීතල සුළඟත් එක්ක ලංකාව වටෙන්ම දැන් වැසි බර කාලගුණයක් මතු වී තිබෙනවා.South Asians & Diaspora

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයකට අනුව, නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. මේ හේතුව නිසා අද දිනයේ පළාත් හා දිස්ත්‍රික්ක රැසකට විටින් විට මහා වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ඔවුන් අනතුරු ඇඟවීමක් කළා.

විශේෂයෙන්ම බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ අතිශය තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර ඌව පළාතේත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

වැස්ස විතරක් නෙවෙයි, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලටත්, උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු පළාත්වලට සහ ත්‍රිකුණාමලයටත් පැයට කිලෝමීටර් 30-40ක විතර තද සුළං හමන්න ඉඩ තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලික තද සුළං හා දරුණු අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top