ශ්‍රී ලංකාවේ විද්‍යුත් දුම්වැටි තහනම නීති විරෝධී වෙළඳපොළ වර්ධනය කරයි. PDNW වාර්තාව අනතුරු අඟවයි.
ශ්‍රී ලංකාව විද්‍යුත් දුම්වැටි තහනම් කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හේතුවෙන් නීති විරෝධී වෙළඳපොළ වර්ධනය වන බවත්, පාරිභෝගික ආරක්ෂාව දුර්වල වන බවත්, දුම්පානය අවම කිරීමට ගන්නා උත්සාහයන් අඩපණ වන බවත් ‘Prohibition Does Not Work’ (PDNW) සංවිධානය විසින් නිකුත් කළ නව වාර්තාවකින් අනතුරු අඟවනවා.
තහනම් කිරීම් අසාර්ථක වන්නේ ඇයි?
දුමෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා වන නියාමන’ නම් වාර්තාවට අනුව, දැඩි සීමාකිරීම් මධ්‍යයේ වුවද අවිධිමත් වෙළඳ ජාල, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා නීති විරෝධී විද්‍යුත් දුම්වැටි නිෂ්පාදන බහුලව ලබාගත හැකි බව සඳහන් වේ.
“ලොව බොහෝ රටවල් මේ වන විටත් ඉගෙනගෙන ඇති පාඩම ශ්‍රී ලංකාව ද අත්විඳිමින් සිටිනවා. තහනම් කිරීම මඟින් පාරිභෝගික ඉල්ලුම නැති කළ නොහැක. එමඟින් සිදු වන්නේ වෙළඳපොළ ජාවාරම්කරුවන්ට සහ අපරාධ කල්ලිවලට පවරා දීම පමණයි” යනුවෙන් PDNW ප්‍රකාශක ටිම් ඇන්ඩෲස් පැවසුවා.
ශ්‍රී ලංකාවේ පිරිමින් මිලියන 1.86ක් පමණ තවමත් දුම්පානය කරන බවත්, දුම්කොළ ආශ්‍රිත රෝග තවදුරටත් මහජන සෞඛ්‍යයට විශාල බරක් වී ඇති බව වාර්තාව පෙන්වා දුන්නා.
එක්සත් රාජධානිය, ස්වීඩනය සහ නවසීලන්තය වැනි රටවල අත්දැකීම් මගින් නියාමනය කළ හානිය අවම නිකොටින් විකල්ප මඟින් දුම්පානය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව සඳහන් වුණා.
එමෙන්ම තහනම් සහ දැඩි සීමාකිරීම් හේතුවෙන් දැවැන්ත නීති විරෝධී වෙළඳපොළවල් ඇති වූ ඕස්ට්‍රේලියාව සහ බ්‍රසීලය වැනි රටවල් පෙන්වන අවදානම ශ්‍රී ලංකාවද මුහුණ දිය හැකි බව වාර්තාව වැඩිදුරටත් අනතුරු ඇඟවුවා.
2009 සිට විද්‍යුත් දුම්වැටි තහනම් කර ඇති බ්‍රසීලයේ 2025 වන විට නීති විරෝධී වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.03ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ දැඩි සීමාකාරී ප්‍රතිපත්ති හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 750ක් සහ බිලියන 1.3ක් අතර නීති විරෝධී වෙළඳපොළක් ඇතිවී ඇති අතර එය මුළු අලෙවියෙන් 95.7%ක් පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා.
“තහනම මගින් තරුණ පරපුර ආරක්ෂා වන්නේ නැහැ. නීති විරෝධී වෙළෙන්දෝ හැඳුනුම්පත් පරීක්ෂා කරන්නේ නැහැ, ප්‍රමිතීන් අනුගමනය කරන්නේ නැහැ,” යනුවෙන් ඉන්ටර්පෝල්හි හිටපු සහකාර අධ්‍යක්ෂ හා PDNW උපදේශක මයිකල් එලිස් පැවසුවා.
ශ්‍රී ලංකාව දුම්පානය අවම කිරීම සහ අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් සැබෑ ප්‍රගතියක් අරමුණු කරන්නේ නම්, අසාර්ථක තහනම වෙනුවට විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ නියාමන රාමුවක් අවශ්‍ය බව ඔහු අවසානයේ සඳහන් කළා.