රුපියල අවප්‍රමාණය වීමෙන් ජනතාවට තවත් බරක්.. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැලකිය යුතු ලෙස ඉහළට..
Friday, 22 May 2026 - 10:15 | Views - 80
ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙරට සාමාන්‍ය පාරිභෝගික ජනතාවට තවත් දැඩි ආර්ථික බලපෑමක් එල්ල කරමින් වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතිනවා.

මීට සෘජුවම හේතු වී ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය (Depreciation) වීමයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මඟින් දෛනිකව නිකුත් කරනු ලබන නිල ආහාර මිල ගණන් දර්ශකයන්ට අනුව, පසුගිය සතියකට සාපේක්ෂව අද (21) වන විට ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයකම මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

පාරිභෝගිකයන් බහුලව මිලදී ගන්නා ආනයනික සහල් වර්ගයක් වන "පොන්නි සම්බා" මිලෙහි කැපී පෙනෙන වැඩි වීමක් වාර්තා වුණා.

පසුගිය මැයි 14 වැනිදා රුපියල් 196 ක් ලෙස සටහන් වූ ආනයනික පොන්නි සම්බා කිලෝවක මිල, සතියක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් 30 කින් ඉහළ ගොස් අද (21) වනවිට රුපියල් 226 ක් ලෙස දක්වා තිබෙනවා.

සහල්වලට අමතරව එදිනෙදා ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය වන ආනයනික අර්තාපල් හා සුදු සීනි මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය 14 වැනිදා රුපියල් 146 ක් ලෙස පැවති ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 17 කින් ඉහළ ගොස් අද වන විට රුපියල් 163 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම, සාමාන්‍ය වෙළෙඳපොළේ පසුගිය 14 වැනිදා රුපියල් 195 ක මිලකට අලෙවි වූ සුදු සීනි කිලෝවක මිල ද රුපියල් 17 කින් ඉහළ ගොස් ඇති අතර, අද දින එහි නවතම මිල සටහන් වූයේ රුපියල් 212 ක් ලෙසයි.

ඩොලරයේ අගය ස්ථාවර කරගැනීමට නොහැකි වුවහොත් ඉදිරි දිනවලදී අනෙකුත් ආනයනික පරිප්පු, ලූනු සහ කිරිපිටි වැනි ද්‍රව්‍යවල මිල ගණන් ද තවදුරටත් වෙනස් වීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දුන්නා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු සුපිරි නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් (Sir David Beckham), එක්සත්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top