ආගමික කටයුතු හා බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් සැලසුමක්..
Thursday, 21 May 2026 - 17:08 | Views - 63
වෙසක් සතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

එහිදී රථවාහන තදබදය අවම කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිතුමා විසින් මේ වනවිට සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙනවා.

“ලෝකවාසී බෞද්ධ ජනතාව අති උත්තම ලෙස සළකනු ලබන සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් ලබන (30) වැනි දින වෙසක් පුන් පෝහොය ඉමහත් භක්තියෙන් සමරනු ලබන අතර මෙම වෙසක් සමය තුළ ලක්වාසී බෞද්ධ ජනතාව විශේෂයෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරනු ලබයි.

සියළු පුරවැසියන්ට තම ආගම නිදහසේ සාමකාමීව බියෙන් හා සැකෙන් තොරව ඇදහීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා වෙසක් සතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂක සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

මෙම කාල සීමාව තුළ සැඳැහැවත් බෞද්ධ ජනතාව දිවයිනේ පිහිටි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බෞද්ධ ආගමික ස්ථාන වෙත විශාල වශයෙන් ඒකරාශී වීමත්, වෙසක් තොරණ හා පහන් කූඩු ප්‍රදර්ශනය, බැති ගී සන්දර්ශන, දන්සල් ආදිය සංවිධානය කිරීමත් සිදු කරනු ලබයි.

එහිදී එම ස්ථානවල ඇති වන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිතුමා විසින් මේ වන විට සියළුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇත.

එසේම සියළුම පොලිස් වසම් තුළ දිවා / රාත්‍රී ජංගම සංචාර, පාමුර සංචාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කරමින් මහජනතාවගේ සහ දේපලවල ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම බැතිමතුන්ට බාධාවකින් තොරව ආගමික වතාවත්වල යෙදීමට අවස්ථාව උදා කර දීම ශ්‍රී ලංකා පොලිසියේ අපේක්ෂාව වේ.

මෙම වෙසක් උත්සව සමයේ පූජනියත්වයට හානිදායක වන ලෙසට හා ආගමික අවස්ථාවන්ට සහභාගි වන බැතිමතුන්ට පීඩාකාරි වන ලෙස කටයුතු කරන ඇතැම් පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර අවධානයෙන් සිට ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබයි.

එබැවින් වෙසක් උත්සව කාලසීමාව තුළ සාමයට බාධා නොවන ලෙස, ආගමික කටයුතු පවත්වා ගෙන යාම සඳහා විශේෂයෙන් පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

* වෙසක් උත්සවයේ උත්කර්ෂවත් බවට හා පූජනීයත්වයට හානිවන අයුරින් සිදු කරන ඔළු බක්කන් නැටීම, මුහුණ ආවරණ පැළඳ විකාර රූපීව හැසිරීම හා විකෘති වෙස්ගත් සන්දර්ශ වලින් වැළකී සිටීම.

* අන් අයට බාධා වන සහ පීඩාකාරී වන ලෙස අධික ශබ්ද නිකුත් වන නලා වාදනය කරමින් පොදු ස්ථානයන්හි හැසිරීමෙන් වැළකීම.

* දන්සල් හා තොරණ අසල අධික ශබ්දයෙන් යුත් සංගීතය හෝ උත්සවයට නොගැලපෙන ගීත ප්‍රචාරය කිරීමෙන් වැළකීම.

* ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් අන් අයට බාධා නොවන පරිදි කටයුතු කිරීම මෙන්ම නීත්‍යානුකූල ක්‍රම වේදය අනුව අවසර ලබා ගනිමින් එම කටයුතු සිදුකිරීම.

* වෙසක් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් බැහැරව කටයුතු කිරීම.

* දන්සල් පවත්වන කණ්ඩායම් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම.

* රථවාහන ධාවනයට බාධා නොවන පරිදි හා මාර්ග තදබදයක් ඇති නොවන පරිදි දන්සල් අසල පෝලිම්වල රැදී සිටින ජනතාව හැසිරවීම සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
මාර්ග අවහිරතා සිදුවන අයුරින් මාර්ගය දෙපස වාහන ගාල් කිරීමෙන් වැළකීම.

* අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහැර නිසි පරිදි බැහැර කිරීමට කටයුතු කිරීම.

* අධික තදබදයන් පවතින ස්ථාන වලදී කුඩා දරුවන් හා වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම.

* රන් ආභරණ හා තමන් සතු වටිනා භාණ්ඩ සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම.

* සැකකටයුතු පුද්ගලයින් පිළිබඳව නිතරන්තර අවධානයෙන් සිටිමින් එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම අසල සිටින පොලිස් නිලධාරියෙකුට දැනුම්දීම.

* මාර්ගයන් තුල අනතුරු අවම කර ගැනීම සඳහා අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පදවන රියදුරන් සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ වහාම අදාල වීඩියෝ දර්ශන අංක 070 4755600 දරණ WhatsApp දුරකථන අංකයටද, අධික දුම පිට කරමින් ධාවනය කරනු ලබන රථ වාහන සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීම සඳහා 070 3500525 WhatsApp දුරකථන අංකයටද දැනුම් දීමේ හැකියාව ඇත. තවද, යම් සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය සහය අවශ්‍ය වන විටකදී 118 හා 119 ක්ෂණික දුරකථන අංක භාවිතා කර ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

වෙසක් සමය තුළ සැබෑ වෙසක් අසිරිය විඳගනිමින් ආගමික කටයුතු යෙදීම සඳහා ඉහතමාර්ගෝපදේශයන්ට ගරු කරමින් වෙසක් සමය සැමරීමට එක්වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top