ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සුබ ලකුණක්.. මෝල්ටා ධජය රැගත් සුඛෝපභෝගී නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි...
Thursday, 21 May 2026 - 15:53 | Views - 61
මෝල්ටා ධජය යටතේ යාත්‍රා කරන සංචාරකයින් 2380 දෙනෙකු රැගත් Mein Schief 6 සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.
මෙම නෞකාව දිවයිනට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර මැදපෙරදිග යුදමය වාතාවරණය මධ්‍යයේ මෙවැනි විශාල සංචාරකයින් පිරිසක් රැගෙන එම නෞකාව මෙරටට පැමිණීම සංචාරක ක්ෂේත්‍රයට සුබවාදී ලකුණක් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ අනුව මේ නෞකාවෙන් පැමිණි සංචාරකයින් මහනුවර ඇතුලු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
Share This Article