ජාතික කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්.. පාර්ලිමේන්තුවම කැළඹූ සංස්කෘතික අමාත්‍යවරයාගේ ප්‍රකාශය.
Thursday, 21 May 2026 - 13:39 | Views - 38
ශ්‍රී ලංකාවේ පෞරාණික කලා උරුමයන්ට ලැදි හා ඉතිහාසය අගය කරන කාගේත් දැඩි අවධානය මෙන්ම කනගාටුව යොමුවිය යුතු අතිශය ආන්දෝලනාත්මක පුවතක් අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ජාතික කලා භවනේ තැන්පත් කර තිබූ අතිශය වටිනා පෞරාණික චිත්‍ර 42ක් අස්ථානගතවීමේ බරපතළ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අද දින පාර්ලිමේන්තුවේදී මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණු ප්‍රශ්න විමසීමේ වටයේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ජාතික කලා භවනේ පවතින වත්කම් සහ කලාකෘතිවල ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂී ප්‍රශ්නයක් යොමු කර තිබුණා.

මීට පෙර 2015 වර්ෂය සඳහා ඉදිරිපත් කර තිබූ නිල භාණ්ඩ සමීක්ෂණ වාර්තාවකින් (Inventory Report) මේ පෞරාණික චිත්‍ර 42ක් අස්ථානගතවීමේ සිදුවීම මුලින්ම අනාවරණය වී ඇති බව එම ප්‍රශ්නයට සෘජුව පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියා.

අදාළ පෞරාණික චිත්‍ර අස්ථානගතවීම පිටුපස සිටින පුද්ගලයන් කවුද, ඒවාට සිදු වූයේ කුමක්ද හා මේ සඳහා වගකිවයුතු නිලධාරීන් කවුද යන්න සෙවීම සඳහා විධිමත් මට්ටමේ පුළුල් විමර්ශනයක් වත්මන් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා තහවුරු කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top