නාඩු වී මිල රුපියල් 100 දක්වා පහළට.. ආනයනික සහල් නිසා දේශීය ගොවියා අර්බුදයක.
Wednesday, 20 May 2026 - 16:38 | Views - 174
දේශීය සහල් වෙළෙඳපොළ තුළ නාඩු වී කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ක මට්ටම දක්වා බිහිසුණු ලෙස පහළ බැස ඇති බවට එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය බරපතළ චෝදනාවක් කර තිබෙනවා.

පවතින මේ තත්ත්වය හේතුවෙන් දේශීය වී ගොවියා මෙන්ම සහල් නිෂ්පාදකයන් ද දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වෙන්නේ.

වෙළෙඳපොළේ නාඩු වී මිල මෙලෙස ශීඝ්‍රයෙන් කඩා වැටීමට ආණ්ඩුව මෑතකදී ගත් නිශ්චිත තීරණයක් සෘජුවම හේතු වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.

දේශීය කීරි සම්බා සහල් සඳහා විකල්පයක් ලෙස ආණ්ඩුව විසින් පිටරටින් කීරි සහල් ආනයනය කර වෙළෙඳපොළට මුදා හැරීම නිසා දේශීය වී මිල ගණන් මෙලෙස පහත වැටීමට බලපා ඇතිබව ඔහු පෙන්වා දුන්නා.

රට තුළ ඉදිරියේදී සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව පවසමින්, ඊට පිළියමක් ලෙස පසුගිය මාසයේදී සහල් මෙරටට ආනයනය කිරීමට ආණ්ඩුව පියවර ගත්තා.

කෙසේවෙතත්, එමඟින් දේශීය සහල් පරිභෝජන රටාවට හා මිල පාලනයට බරපතළ බලපෑමක් එල්ල වී ඇති බවයි නිෂ්පාදකයන් පැවසුවා.

ආණ්ඩුව සහල් හිඟයක් මවාපාමින් සිදු කළ මේ ආනයන ක්‍රියාවලිය හේතුවෙන් දේශීයව වගා කරන ගොවියාගේ අස්වැන්නට නිසි මිලක් නොලැබී යන වටපිටාවක් නිර්මාණය වී ඇති බව සහල් සංගමය අවධාරණය කළා.

දේශීය කෘෂිකර්මාන්තය හා ගොවි ජනතාව රැකගැනීම වෙනුවෙන් වහාම මැදිහත් වී නාඩු වී සඳහා සාධාරණ සහතික මිලක් ලබාදීමට කටයුතු කරන ලෙසත්, ආනයනික සහල් වෙළෙඳපොළට දැමීම ක්‍රමවත් කරන ලෙසත් සහල් නිෂ්පාදකයන් රජයෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් තහවුරු කරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top