වසරකට අලුත් පිළිකා රෝගීන් 18,000ක්.. මහරගම අපේක්ෂා රෝහලෙන් ඇසෙන සෝචනීය කතාවක් මෙන්න.
Wednesday, 20 May 2026 - 12:21 | Views - 95
ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පිළිකා රෝගීන් 15,000ත් 18,000ත් අතර අතිවිශාල ප්‍රමාණයක් සමාජයට අලුතින් එක්වන බව මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන අනාවරණය කරලා තිබෙනවා.

ඉන් 2000ක් පමණම රුධිරගත පිළිකා (Leukemia) රෝගීන් බවයි ඔහු පෙන්වා දුන්නා.

තලවතුගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණු "ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමින් පසු සුවවූවන්ගේ එකමුතුව" විසින් සංවිධානය කළ විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවකදී වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

රුධිරගත පිළිකා රෝගීන් සඳහා සිදුකරනු ලබන ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් (Bone Marrow Transplant) වර්තමානයේ ඉතා සාර්ථක මට්ටමක පවතින බව වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

කෙසේවෙතත්, සැත්කමෙන් පසුව වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිළිපදිමින් උපරිම ලෙස පරිස්සම් නොවුණහොත් රෝගීන්ගේ ජීවිතය දැඩි අවදානමකට ලක්විය හැකි බව ද ඔහු අවධාරණය කළා.

මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති බිහිසුණුම ඛේදවාචකය පිළිබඳව ද වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මෙහිදී කරුණු එළිදරව් කර තිබෙනවා.

"රුධිරගත පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සමස්ත ලංකාවටම ඉන්නේ විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනයි. මහරගම අපේක්‍ෂා රෝහලේ ඉන්නේ තුන් දෙනෙක් විතරයි. මේ ක්ෂේත්‍රයේ සිටි අනෙක් විශේෂඥ වෛද්‍යවරුන් හත් අට දෙනෙකුම මේ වන විට ලංකාවෙන් බැහැරව විදේශගත වී අවසන්" යැයි වෛද්‍යවරයා කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කර තිබෙනවා.

පවතින දැඩි වෛද්‍ය හිඟය හා මූල්‍ය අර්බුදය හමුවේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී තමන්ට විශාල සීමාවන් පවතින බව වෛද්‍යවරයා පැවසුවා.

ඇට මිදුලු බද්ධ කිරීම වැනි ඉහළ තාක්ෂණික ප්‍රතිකාර සඳහා අතිවිශාල වියදමක් වැය වන බව ඔහු පෙන්වා දුන්නා.

"හැම රෝගියෙකුටම ප්‍රතිකාර සමානව ලබා ගැනීමේ අයිතිවාසිකමක් තිබෙනවා. කොහොම නමුත් හැමෝටම ඒ විදියට ලැබෙනවාද කියන ප්‍රශ්නය තියෙනවා. අද වෙද්දී මුදල් තියෙන අයට සහ නැති අයට දෙයාකාරයකින් තමයි ප්‍රතිකාර ලැබෙන්නේ. ඒ අසමානතාවය කොහොමද නැති කරන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්."

රජය විසින් බොහෝ පිළිකා ප්‍රතිකාර සහ ඖෂධ වර්ග නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබුණ ද, වත්මන් තත්ත්වය හමුවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ මේ සියල්ල තවදුරටත් නොමිලේ දීමට පුළුවන්ද යන්න ගැටලුවක් බව වෛද්‍යවරයා සඳහන් කළා.

ඇතැම් සුවිශේෂී පිළිකා ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලංකාවේ නොතිබීමත්, ඇතැම් නවීන ප්‍රතිකාර ක්‍රමවේදයන් මෙරට තුළ තවමත් ස්ථාපිත කර නොමැති වීමත් නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සීමාවන් රැසකට මුහුණ දීමට සිදුව ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා.

ලංකාදීප පුවත්පත ඇසුරින්..
Share This Article
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top