හරිත මාවතෙන් පනින්න හැදූ චීන මගීන් රේගුවට කොටු වෙයි. සයිබර් අපරාධ සඳහා පැමිණි බවට සැක..
Wednesday, 20 May 2026 - 11:40 | Views - 69
මෙරට තුළ මහා පරිමාණ සයිබර් අපරාධ සිදු කිරීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය යැයි සැක කෙරෙන රුපියල් පනස් එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා ජංගම දුරකථන හා බැටරි තොගයක් නීතිවිරෝධී ලෙස ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් තිදෙනෙකු ඊයේ (19) රාත්‍රීයේදී කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි "හරිත මාවත" (Green Channel) ඔස්සේ කිසිදු බදු ගෙවීමකින් තොරව හොර රහසේ පලා යාමට තැත් කරමින් සිටියදීයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මොවුන්ව කොටු කරගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 34 හැවිරිදි චීන ජාතික කාන්තාවක හා 35 හැවිරිදි වියේ පසුවන චීන ජාතික පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.

මොවුන් තිදෙනා ඊයේ රාත්‍රියේ චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයට (China Eastern Airlines) අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී මොවුන් තිදෙනා අතරින් පළමුවෙන්ම රේගු හරිත මාවත වෙත පිවිසි චීන ජාතික පිරිමි ගුවන් මගියා කෙරෙහි රේගු නිලධාරීන්ට සැකයක් ඇතිවී තිබෙනවා.

ඔහු ගුවන් තොටුපොළ තීරු බදු රහිත (Duty Free) සාප්පු සංකීර්ණයෙන් ලබා දෙන පොලිතීන් බෑග් අතර කළු පැහැති පොලිතීන් බෑගයක් ද සූක්ෂ්ම ලෙස රැගෙනවිත් තිබෙනවා.

එම බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබූ ටොෆි සහ චොක්ලට් පැකට් අස්සේ සඟවා තිබූ ජංගම දුරකථන තොගයක පළමු කොටස සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකි වුණා.

පළමු සැකකරු කොටු වීමත් සමඟ සෙසු සැකකරුවන් ද පරීක්ෂාවට ලක් කිරීමට රේගු නිලධාරීන් පියවර ගත්තා. එහිදී පළමු සැකකරු ඇඳ සිටි ඇඳුමට යටින් විශේෂයෙන් සකස් කළ ජැකට්ටුවක් තුළ ද දුරකථන සඟවා තිබූ බවයි රේගුව සඳහන් කළේ.

මීට අමතරව ඔහුට පසුපසින් පැමිණි චීන ජාතික කාන්තාව පැළඳ සිටි පාවහන්වල මේස් තුළ සහ අනෙක් චීන ජාතික ගුවන් මගියාගේ ගමන් මල්ල තුළ ද සඟවා ගෙන සිටි ජංගම දුරකථන 87ක් සහ දුරකථන බැටරි 140ක් රේගු බාරයට ගැනීමට නිලධාරීන් කටයුතු කළා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම චීන ජාතිකයින් තිදෙනා සහ භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් මෙරට තුළ සිදු කිරීමට සැලසුම් කර තිබූ සයිබර් අපරාධ ජාලය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන්ව අදාළ පොලිස් විමර්ශන නිලධාරීන් වෙත භාර දීමට පියවර ගනිමින් සිටින බව ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා
Share This Article
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top