රත්මලානේ නීති විරෝධී රූපවාහිනි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි.. මාලදිවයින ජාතිකයෙකු අත්අඩංගුවට.
Wednesday, 20 May 2026 - 9:38 | Views - 83
ගල්කිස්ස, අත්තිඩිය පාර ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව පවත්වාගෙන ගිය රහසිගත රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වැටලීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

මෙම විශේෂ වැටලීමේදී විදේශීය ජාතිකයෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වෙලා තිබෙනවා.

විශ්වාසවන්ත තොරතුරක් මත සිදුකළ මෙම හදිසි වැටලීමේදී, අදාළ නීති විරෝධී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් නවීන සන්නිවේදන උපකරණ තොගයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවූ බව පොලිසිය සඳහන් කළා.

මෙම නීති විරෝධී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිහිටුවා තිබුණේ රත්මලාන ගුවන්තොටුපළට අතිශය ආසන්නයේ පිහිටි ආරක්ෂිත කලාපය (Security Zone) තුළ වීම විශේෂත්වයක්. ගුවන් ගමන් පාලන පද්ධතිවලට හෝ ආරක්ෂක සන්නිවේදන ජාලයන්ට මෙයින් බලපෑමක් සිදුවූයේද යන්න පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකු වන අතර, ඔහු කලෙක සිට කළුබෝවිල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි අයෙකු බවයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වුණා.

මෙම විදේශිකයා මෙරට තුළ මෙවැනි අධි තාක්ෂණික සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේ සැබෑ අරමුණ කුමක්ද සහ මීට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් කවුද යන්න සෙවීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top