"නැවත කිසිදා මේ පොළොවේ යුද්ධයක් ඇති නොවන බවට මම වගබලා ගන්නවා" ජාතික රණවිරු දිනයේදී ජනපති කළ ප්‍රකාශය..
Tuesday, 19 May 2026 - 23:11 | Views - 84
අවස්ථාවාදී බලලෝභී දේශපාලකයන්ගේ අන්තවාදී න්‍යාය පත්‍ර නිසා එකම රටක මිනිසුන් බෙදා වෙන් කළ අතීතය නිමා කර, නැවත කිසිදිනෙක මෙරට තුළ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

අද (19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස අභිමානවත්ව පැවැත්වුණු 17 වැනි ජාතික රණවිරු දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙවර සැමරුම සඳහා ඉතිහාසයේ පළමුවරට රණවිරු පවුල්වල සාමාජිකයන් විශාල පිරිසකට සහභාගී වීමට ඉඩකඩ සලසා දී තිබීම සුවිශේෂීයි.

බුදු දහමේ අවිහිංසාව, මෛත්‍රිය සහ දයාව මත පිහිටා චිරාත් කාලයක් කටයුතු කරන අප රට තුළ, ස්වභාවික ව්‍යසනයකදී පවා ජාති භේදයකින් තොරව මනුෂ්‍යත්වය පෙරට එන බව ජනපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම "මෙතරම් සුන්දර මිනිස් සමාජයකට මොනතරම් විශිෂ්ට රටක් ගොඩනැගිය හැකිද?" යන්න සියල්ලන් හමුවේ ජනපතිවරයා ප්‍රශ්න කළා.

රණවිරුවන් දිවි පිදුවේ සහ ශරීර අවයව පරිත්‍යාග කළේ යුද්ධයෙන් තොර සාමකාමී, සංවර්ධිත සහ සර්ව සාධාරණ රටක් වෙනුවෙන් බවත් ඔවුන් මරණාසන්නයේ ප්‍රාර්ථනා කළ ඒ අනාගතය නිර්මාණය කිරීමේ වගකීම වත්මන් රජය කොන්දේසි විරහිතව භාරගන්නා බවත්, ඒ ප්‍රාර්ථනාවන් කිසිසේත් පාවා නොදෙන බවයි ජනාධිපතිවරයා ස්මාරකය ඉදිරිපිටදී ශපත කළා.

වෛරය සහ ක්‍රෝධය වපුරන පැරණි විනාශකාරී මාවත වෙනුවට රට සමගිය, සංවර්ධනය සහ සමෘද්ධිය කරා ගෙන යන නව මානවවාදී මාවත වත්මන් රජය තෝරාගෙන ඇති බවත්, එහි නොබියව ගමන් කරන බවත් පැවසුවා.

ලේ ගංගා සහ බෝම්බ උණ්ඩ මත මතු පරපුරට සැනසිලිදායක රටක් ඉතිරි නොවන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව යළි කිසිසේත්ම කවර හෝ ජාතිවාදී හෝ අන්තවාදී කණ්ඩායමක ගොදුරක් වීමට ඉඩ නොදෙන බවට සහතික වුණා.

මේ අතර දශක ගණනාවක සන්නද්ධ යුද්ධය නිමා කළ අප දැන් රටක් ලෙස වෙලාගෙන ඇති ආර්ථික යුද්ධය, විරැකියාවේ යුද්ධය සහ දරු පරපුරට විශිෂ්ට රටක් අත්කර දීමේ යුද්ධය ජයගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top