වියළි කලාපයේ කිරි ගොවීන්ට ලොකු සහනයක්.. JICA ආයතනයෙන් දැවැන්ත ව්‍යාපෘතියක්..
වියළි කලාපයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතියක්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) රුපියල් මිලියන 300ක මූල්‍ය ප්‍රදානයක් යටතේ වසර 03 ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
එම ව්‍යාපෘතිය මඟින් උතුරු, නැගෙනහිර, උතුරු මැද හා වයඹ යන පළාත්වල දිනකට කිරි ලීටර 20 සිට ලීටර 100 දක්වා පරිමාවක් නිෂ්පාදනය කරන කිරි ගොවි ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් එම කිරි ගොවීන් සඳහා පුහුණු හා අධ්‍යාපනික වැඩසටහන් නිර්මාණය කිරීම, යෝග්‍ය තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම, තෘණ නිෂ්පාදනය හා සැපයුම ශක්තිමත් කිරීම හා සෞඛ්‍යාරක්ෂිත ලෙස කිරි නිෂ්පාදනය මෙන්ම කිරි පරිභෝජනය ඉහළ නැංවීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරනු ලබනවා.
ව්‍යාපෘතිය යටතේ අදාළ පළාත් 04න් එක් පළාතකින් දිස්ත්‍රික්ක 02 බැගින් තෝරා ගනු ලබන අතර, එම දිස්ත්‍රික්ක තුළ පිහිටි පශු වෛද්‍ය කොට්ඨාස 03 බැගින් තෝරා ගෙන, එකී පශු වෛද්‍ය කොට්ඨාසවල ආදර්ශ ගොවිපොළ 03 බැගින් වන පරිදි එකී පළාත් 04 තුළ ආදර්ශ ගොවි පොළ 24ක් ස්ථාපිත කිරීමට සැලසුම් කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව, යෝජිත පරිදි වියළි කලාපයේ කිරි නිෂ්පාදනය සංවර්ධනය කිරීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.