වර්ෂාවෙන් වගා හානිවූ ගොවීන්ට සහනයක්.. වන්දි මුදල් හිමිවන බෝග වර්ග 6ක් මෙන්න.
Tuesday, 19 May 2026 - 10:31 | Views - 218
පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් යල කන්නයේ සිදුවූ වගා හානි සඳහා ගොවි ජනතාවට හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය (Agrarian Insurance Board) නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කුඹුරු හා වගාබිම් රැසක් ජලයෙන් යටවීම නිසා ගොවීන් විශාල පිරිසක් පීඩාවට පත්වී තිබෙනවා.

මෙම විශේෂ රක්ෂණ වන්දි ක්‍රමවේදය ප්‍රධාන වශයෙන් බෝග වර්ග 6ක් සඳහා බලපැවැත්වෙන බව රජය තහවුරු කළා.

ඒ අනුව, වී, බඩ ඉරිඟු, අර්තාපල්, සෝයා, මිරිස්, ලොකු ලූනු යන වගාවන් සඳහා මෙම වන්දි මුදල් ප්‍රතිලාභය අදාළ වන බව එම මණ්ඩලය සඳහන් කළා.

අධික වර්ෂාවෙන් තමන්ගේ වගාවන්ට හානි සිදු වූ ගොවීන්, එම වගා හානි පිළිබඳ තොරතුරු ඉදිරි දින 14 ඇතුළත තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත වාර්තා කළ යුතු බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළා.

අදාළ නිලධාරීන් මඟින් වගා හානි පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණ කඩිනමින් සිදු කර, විනිවිදභාවයකින් යුතුව මෙම වන්දි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙතම බැර කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද රජය වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top