අද පස්වරුවේ කොළඹ අවට රථ වාහන ධාවනයට සීමා.. විකල්ප මාර්ග සැලැස්ම මෙන්න.
17 වන ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සුවිශේෂී උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ එම ප්‍රදේශයේ රථ වාහන තදබදය අවම කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළා.
පොලිස් මූලස්ථානය සඳහන් කරන පරිදි, අද සවස 03.30 සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියැම්හෑම් හන්දියෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම හා රථවාහන පහත විකල්ප මාර්ග වෙත යොමු කිරීම අවස්ථානුකූලව සිදුකරන බව පොලිසිය සඳහන් කළා.
විකල්ප මාර්ග :-
පාර්ලිමේන්තු මාර්ගය හරහා කොළඹ සිට පිට වීමට පැමිණෙන වාහන පොල්දූව හන්දියෙන් බත්තරමුල්ල, පාලන්තුන, කියැන්නෑම් හන්දිය හරහා ගමන් කිරීමට හැකියාව තිබෙනවා.
කියැම්හෑම් හන්දියෙන් කොළඹට ඇතුළුවන වාහන පාලන්තුන, බත්තරමුල්ල හරහා ගමන් කිරීමට හැකියාව තිබෙනවා.
රජමල්වත්ත දෙස සිට බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහන බත්තරමුල්ල මාර්ගයට පැමිණ අවශ්‍ය මාර්ගයේ ගමන් කරන්න පුළුවන්.
බස් රථ හා ට්‍රක් රථ ගාල් කිරීම :-
ජපන් මිත්‍රත්ව පාර හන්දියේ සිට කිඹුලාවල හන්දිය දක්වා.
ජපන් මිත්‍රත්ව පාර විදුලිබල මණ්ඩලය අසල සිට පැලවත්ත හන්දිය දක්වා.
අද සවස් කාලයේදී මෙම මාර්ගවල ගමන් ගන්නා මහජනතාව හා රියදුරන් පොලිස් නිලධාරීන්ගේ උපදෙස්වලට අවනත වෙමින්, මෙම විශේෂ රථ වාහන සැලැස්මට සහයෝගය දක්වන ලෙසයි පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
අනවශ්‍ය ප්‍රමුඛතාවලින් වැළකී විකල්ප මාර්ග භාවිත කිරීමෙන් සිදුවන ප්‍රමාදයන් අවම කරගත හැකි බවද ඔවුන් පෙන්වා දුන්නා.