නොසැලකිල්ල නිසා ජීවිත අහිමි වන දිය අනතුරු.. ශ්‍රී ලංකා පොලිසියෙන් මහජනතාවට විශේෂ උපදෙස් මාලාවක්..
Sunday, 17 May 2026 - 15:40 | Views - 76
මෑත කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දිය නෑමට ගොස් ඉතා අවාසනාවන්ත ලෙස වටිනා මිනිස් ජීවිත අහිමි වීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවත්, මෙම අනතුරු අවම කරගැනීම සඳහා මහජනතාව වඩාත් සැලකිලිමත් සහ දැනුවත් විය යුතුව ඇති බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මෙලෙස දිය අනතුරු සිදුවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ පුද්ගලයින්ගේ පවතින නොසැලකිලිමත්භාවය සහ අවබෝධයකින් තොරව කටයුතු කිරීම බව ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

‍පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව,

“දිය නෑමට ගොස් ඉතා අවාසනාවන්ත ලෙස වටිනා මිනිස් ජිවිත අහිමි වීමේ සිද්ධීන් ගණනාවක් මෑත කාලයේ වාර්තා වූ තොරතුරු අනුව නිරීක්ෂණය වී ඇත. මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ පුද්ගලයින්ගේ නොසැලකිලිමත් භාවය හා අනවබෝධය වන අතර මෙම දිය අනතුරු අවම කර ගැනීම සඳහා කටයුතු කිරීම අපි සියළු දෙනාගේ වගකීම වේ.

දිය අනතුරු බොහොමයක් සිදුවන්නේ ක්ෂණිකව සහ අනපේක්ෂිත ලෙසය. මෙම දිය අනතුරුවලින් සිදු වූ මරණවලට ප්‍රධාන වශයෙන් පහත හේතු සාධක බලිපානු ලබයි.

1. පාරිසරික සාධක (ස්වභාවික හේතු)

*දියයට ඇති අවදානම් :- මතු පිටින් නිසලව පෙනුනද, දියයට පවතින දැඩි දියවැල්වලට හසු වීම සහ දියයට ඇති මඩ, පාසි සහිත ලිස්සන සුළු ගල් සහ ගස් අතුවල සිරවීම.
* ක්ෂණිකව ජල මට්ටම ඉහළ යාම :- කඳුකර ප්‍රදේශවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පහල ප්‍රදේශවල ගංඟා සහ ඇළ දොල වල ජල මට්ටම ඉහළ යාම,
* ගැඹුර පිළිබඳ වැරදි වැටහීම :- ජලයේ ඇති පිරිසිදුබව නිසා ගැඹුර අඩුවෙන් පෙනීම නොදැනුවත්වම ගැඹුරු වලවල්වලට ඇද වැටීම.

2. මානුෂීය වැරදි සහ නොසැලකිල්ල

*තම හැකියාව පිළිබඳ දැඩි විශ්වාසය :- තමන්ට හොඳින් පිහිනිය හැකි යැයි සිතා ආරක්ෂිත සීමාවන් ඉක්මවා යාම.
* මත්පැන් පානය :- මත්පැන් පානය කර දියට බැසීම නිසා ශරීරයේ ස්නායු පාලනය අඩාල වීම, ඉක්මනින් විඩාවට පත්වීම සහ අවදානම තක්සේරු කිරීමට හැකියාව අඩු වීම.
* නුපුරුදු ස්ථාන :- තමන් පදිංචි ප්‍රදේශයෙන් බැහැර නුපුරුදු ස්ථානවල දිය නෑමට යාම හා එම ස්ථානයේ ඇති අනතුරුදායක බව පිලිබඳ අවබෝධයක් නොමැති වීම.

3. කායික තත්ත්වයන්

* කෙණ්ඩා පෙරළීම :- ජලයේ පවතින අධික සීතල නිසා හෝ අධික වෙහෙස නිසා මාංශ පේශි තද වීමෙන් පිහිනීමට නොහැකි වීම.
* භීතිය :- දියට වැටුණු සැනින් ඇති වන දැඩි බිය නිසා අත් පා නිසි ලෙස ක්‍රියා කරවීමට නොහැකි වීම.

4. දරුවන් කෙරෙහි අවධානය ගිලිහීම

* කුඩා දරුවන් ඉතා කෙටි වෙලාවකදී, ඉතා කුඩා ජල ප්‍රමාණයක පවා (බාල්දියක්, කුඩා ටැංකියක් ) අනතුරට ලක් විය හැකිය.

ආගන්තුක ජල මූලාශ්‍ර ආශ්‍රිතව දිය නැමට පෙර පහත ආරක්ෂිත පියවරවල් අනුගමනය කිරීම මඟින් මෙම දිය අනතුරු අවම කර ගැනීම සඳහා හැකියාව ඇත.


* තමා හොදින් නොදන්නා ගංඟා ඇළ දොල හෝ වැව්වල දිය නෑමෙන් වැලකී සිටීම, අනතුරු ඇඟවීමේ පුවරු කෙරෙහි අවධානය යොමු කිරීම හා වැසි සහිතකාලගුණයකදී ක්ෂණිකව ගං වතුර ඇති විය හැකි අවස්ථාවල ජල මුලාශ්‍ර අසලට නොයාම.

* අවවාධාත්මක පුවරු වල උපදෙස් අනුව නිරන්තරවම කටයුතු කිරීම, දිය නෑමට පෙර අදාල ස්ථානය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු විමසීම හා ජීවිතාරක්ෂක නිලධාරීන් සිටින ස්ථානයන් වලදී ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම.

* තනිවම දිය නෑමට හෝ පිහිනීමට නොයාම, පිහිනීමට නොහැකි නම් ආරක්ෂිත ජැකට් නොමැතිව ගැඹුරු ජලයට නොබැසීම හා මත්පැන් පානය කර දිය බැසීමෙන් වැලකී සිටීම.

* ළමුන් ජලය අසල සිටින විට නිරන්තර අවධානයෙන් සිටීම. නිවස අසළ ළිං ටැංකි හෝ කුඩා පොකුණු ඇත්නම් ඒවා ආවරණය කර ආරක්ෂිත වැටවල් යෙදීම.

* තමා දියේ ගිලෙන බව දැනුණහොත් කලබල නොවී සිරුර ලිහිල්ව තබා පාවීමට උත්සාහ කිරීම, අන් අයෙකු බේරා ගැනීම සඳහා දියට බැසීම අවධානම් සහගතඅවස්ථාවල ලණුවක් දිගු ලී පටියක් හෝ පාවෙන දෙයක් අනතුරුට පත් වු පුද්ගලයාට ලබාදී ගොඩට ගැනීමට උත්සාහ කිරීම.

* උත්සව සමයන්වලදී මහජනතාව වැඩි වශයෙන් මුහුද, ගංගා, ඇලදොළ හා වැව් අමුණු ඇතුළු ඒ ආශ්‍රිත ස්ථාන වල දිය නෑමේ ප්‍රවණතාවයක් දක්නට ඇත.

* පොලිස් නාවික කොට්ඨාසයේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ජල මුලාශ්‍රිතව රාජකාරී යොදවමින් දිය අනතුරු අවම කර ගනිමින් හැකිතාක් වටිනා ජීවිත බේරා ගැනීම සඳහා නිරන්තරවම ඇපකැපව සිටී.

ඉදිරියේදී තවදුරටත් සිදුවිය හැකි මෙම දිය අනතුරු අවම කර ගැනීම සඳහා මහජනතාව විසින් මෙම නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් අවධානය හා සැලකිල්ල යොමු කරමින් කටයුතු කරන ලෙසට ශ්‍රී පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.”
Share This Article
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top