ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) සමස්ත ලෝකයටම හදිසි නිවේදනයක්.. ඉබෝලා වෛරසය රටවල් දෙකක වේගයෙන් පැතිරෙයි..
Sunday, 17 May 2026 - 12:23 | Views - 88
ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය හා උගන්ඩාව යන රටවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) වෛරසය මඟින් වැළඳෙන ඉබෝලා රෝගී තත්ත්වය, ‘ජාත්‍යන්තර අවධානයට ලක්වූ හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්’ (PHEIC) ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙය ‘වසංගත හදිසි තත්ත්වයක්’ (Pandemic Emergency) දක්වා වර්ධනය වී නොමැති බව ද එම සංවිධානය පවසනවා.

2026 මැයි 16 වන දින වන විට කොංගෝවේ ඉටූරි (Ituri) ප්‍රාන්තයෙන් රසායනාගාර පරීක්ෂණ මඟින් තහවුරු කළ රෝගීන් 8 දෙනෙකු, සැකකටයුතු රෝගීන් 246 දෙනෙකු සහ සැකකටයුතු මරණ 80ක් වාර්තා වී ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මීට අමතරව, කොංගෝවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හරහා උගන්ඩාවේ කම්පාලා (Kampala) නුවරින් ද, ඉටූරි සිට පැමිණි අයෙකු හරහා කොංගෝවේ කින්ෂාසා (Kinshasa) අගනුවරින් ද තහවුරු කළ රෝගීන් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

සෞඛ්‍ය සේවකයින් සිව්දෙනෙකු ද මියගොස් ඇති අතර, දැනට මෙම වෛරසය සඳහා අනුමත ඖෂධ හෝ එන්නත් නොමැති වීම හේතුවෙන් තත්ත්වය අසාමාන්‍ය ලෙස බරපතල වී ඇතැයි ද පැවසෙනවා.

මෙම අවදානම පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, රෝගය ව්‍යාප්ත වන කොංගෝව සහ උගන්ඩාව වහාම ජාතික මට්ටමේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටුවා, රෝගීන් හඳුනාගැනීම, ආශ්‍රිතයන් සෙවීම සහ දැඩි සත්කාර ඒකක පහසුකම් නැංවිය යුතු බවත්, රෝගීන් සහ ආශ්‍රිතයින්ගේ ජාත්‍යන්තර සංචාර සීමා කළ යුතු අතර, ගුවන් තොටුපළ සහ දේශසීමාවලින් පිටවන පුද්ගලයන් පරීක්ෂාවට ලක් කළ යුතුව ඇතැයි ද එම උපදෙස් මාලාවේ ඇතුළත් බවයි සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

එසේම, අවමංගල්‍ය කටයුතු නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව සිදු කිරීමට පියවර ගත යුතු බව ද එම උපදෙස් මාලාවේ සඳහන්ව තිබෙනවා.

මායිම්ව පිහිටි සෙසු රටවල් ද වහාම සිය සූදානම සහ දේශසීමා නිරීක්ෂණ කටයුතු දැඩි කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

කෙසේ වෙතත්, බියක් ඇති කරගනිමින් කිසිදු රටක් සිය දේශසීමා වැසීමට හෝ වෙළෙඳ හා සංචාරක සීමා පැනවීමට කටයුතු නොකළ යුතු බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය, එවැනි විද්‍යාත්මක පදනමක් නැති සීමා කිරීම් මඟින් නීතිවිරෝධී දේශසීමා සංක්‍රමණ ඉහළ ගොස් රෝගය තවත් ව්‍යාප්ත විය හැකි බවද පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top