අදත් අහස වලාකුළින් බර වෙයි.. දිස්ත්‍රික්ක රැසකට විටින් විට ගිගුරුම් සහිත වැසි.
Sunday, 17 May 2026 - 10:13 | Views - 187
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා තිබූ අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) උදෑසන නිවේදනය කරලා තිබෙනවා.

කෙසේවෙතත්, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක අහස වලාකුළින් බරව පවතින බව වාර්තා වුණා.

පවතින කාලගුණ තත්ත්වය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත්, ගාල්ල ගා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයට ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.

මේ අතර, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ද ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ බලධාරීන් අනාවරණය කළා.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස රජය දන්වා සිටිනවා.

එමෙන්ම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටියේ.

ආරක්ෂිත පියවර අනුගමනය කරමින් කටයුතු කරන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල ද ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top