මහජන බැංකුවේ විනිමය අනුපාත දෝෂයකින් මිලියන 656ක් වැඩිපුර ගෙවලා. නැවත අයකර ගැනීම අරඹයි.
Sunday, 17 May 2026 - 9:39 | Views - 82
විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට නියමිත ප්‍රමාණයට වඩා ඉහළ මුදලක් ගෙවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහජන බැංකුව (People's Bank) නිල මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබෙනවා.

අදාළ නිවේදනයට අනුව, මෙම දෝෂය සිදුව ඇත්තේ 2023 මැයි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලය තුළයි.

එම කාලසීමාවේදී එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදු වූ දෝෂයක් නිසා ඇතැම් ගනුදෙනුකරුවන්ට ලැබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ලැබී ඇති බව බැංකුව මෑතකදී හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට එම දෝෂය සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීමට බැංකුව කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

මෙම සිදුවීම හඳුනාගත් වහාම බැංකුව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන හා අධීක්ෂණ අධිකාරීන්ගේ උපදෙස් මත මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවයි මහජන බැංකුව සඳහන් කරන්නේ.

මෙම දෝෂය හේතුවෙන් සිදු වූ ඇස්තමේන්තුගත මූල්‍යමය බලපෑම ආසන්න වශයෙන් රුපියල් මිලියන 656ක් වන බවත් මහජන බැංකුව පවසනවා.

කෙසේ වෙතත්, එම මුදල දැනටමත් අදාළ කාලසීමාව තුළ ප්‍රකාශයට පත් කර ඇති ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කර ඇති බැවින්, වත්මන් ගණන් බැලීම් අනුව මින් ඉදිරියට කිසිදු මූල්‍යමය බලපෑමක් අපේක්ෂා නොකරන බව බැංකුව අවධාරණය කරනවා.

එමෙන්ම, මේ හා සම්බන්ධ ගනුදෙනුවලට අදාළ ගනුදෙනුකරුවන්ගෙන් එම වැඩිපුර ගෙවූ මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් සාර්ථකව සිදුකෙරෙමින් පවතින බවත් බැංකුව එම නිවේදනය මගින් සඳහන් කරනවා.

මහජන බැංකුවේ එදිනෙදා බැංකු කටයුතු, ඩිජිටල් බැංකු පහසුකම් සහ ගනුදෙනුකාර සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්, මහජන බැංකුව රුපියල් ට්‍රිලියන 3.8ක පමණ වත්කම්වලින් සමන්විත ශක්තිමත් මූල්‍ය ආයතනයක් බැවින් මෙම සිදුවීමෙන් බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වයට, ලාභයට හෝ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් හා තැන්පතුවල ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් බැංකුව සමස්ත ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට දැනුම් දී සිටිනවා.

එම නිවේදනය පහතින්,
Share This Article
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top