කෝටි 8ක් හැකර්වරුන් අතට ගිය බව පිළිගනී.. වගකීම භාරනොගන්නා බව ශ්‍රීලංකන් ගුවන් සේවය කියයි.
Sunday, 17 May 2026 - 9:13 | Views - 72
ක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවා සම්පාදක සමාගමක ඊමේල් ගිණුම බාහිර පාර්ශ්වයක බලපෑමට ලක් වීම හේතුවෙන් වැරදි ගනුදෙනුවක් සිදුවීම සහ ඉන්දියාවේදී මුදල් අවභාවිතා වීම යන අවස්ථා දෙක සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිල වශයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

එම නිවේදනය අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි සේවා සපයන ආයතනයක් වෙත ලබා දුන් ඩිරාම් (AED) 974,000ක මුදලක් තමන් වෙත ලැබී නොමැති බව එම ආයතනය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවයට දැනුම් දී තිබෙනවා.

පසුව සිදුකළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සේවා සපයන ආයතනයේ විද්‍යුත් තැපැල් ගිණුම තෙවන පාර්ශවයක් (හැකර්වරුන්) විසින් අවභාවිත කර ඇති බවයි.

ඔවුන් විසින් බැංකු ගිණුම් විස්තර වෙනස් කර, නිල සන්නිවේදන නාලිකා ඔස්සේ අසත්‍ය ලේඛන සපයමින් ශ්‍රීලංකන් ගුවන් සේවය මුළා කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.

මේ පිළිබඳව දැනගත් වහාම ක්‍රියාත්මක වූ ශ්‍රීලංකන් ගුවන් සේවය අදාළ ගිණුමට තවදුරටත් මුදල් බැරවීම වළක්වා, UAE බලධාරීන්ට සහ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කර ඇති අතර මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවයි ගුවන් සේවය පවසන්නේ.

සේවා සපයන්නාගේ විද්‍යුත් තැපැල් පද්ධතියේ දුර්වලතාවක් මත මෙය සිදුව ඇති බැවින්, මුදල් නොලැබීම සම්බන්ධයෙන් තමන් වගකීමක් නොගන්නා බවද ගුවන් සේවය පවසනවා.

මේ අතර, ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ශ්‍රීලංකන් ගුවන් සේවා කාර්යාලයේ මුදල් අංශයේ සේවය කළ ඉන්දීය ජාතික සේවකයින් කිහිපදෙනෙකු විසින් කාලයක් තිස්සේ ඉන්දීය රුපියල් (INR) මිලියන 22ක මුදලක් අවභාවිත කර ඇති බවද සමාගම අනාවරණය කරනවා.

ඔවුන් ව්‍යාජ ලෙස ඉන්වොයිස් (Invoices), ගෙවීම් විස්තර සහ අත්සන් වෙනස් කරමින් මෙම වංචාව සිදුකර ඇති බව එම නිවේදනයේ සඳහන්.

කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය මඟින් සිදුකළ අභ්‍යන්තර විමර්ශනයකදී මෙම සැකකටයුතු ගනුදෙනු අනාවරණය කරගෙන ඇති අතර, ඉන්පසුව අදාළ සේවකයින් සේවයට වාර්තා කිරීම මඟ හැර අති බවත්, ඔවුන්ට එරෙහිව නිසි පියවර ගෙන ඇති ශ්‍රීලංකන් ගුවන් සේවය, සිද්ධිය වහාම ඉන්දීය නීති බලාත්මක කිරීමේ බලධාරීන් වෙත යොමු කර ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.

මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වන අතර සිදුවූ මූල්‍ය අලාභය අයකර ගැනීමට කටයුතු කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් අවධාරණය කරනවා.

එම නිවේදනය පහතින්,
Share This Article
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top