මෙරට මාධ්‍ය කලාවේ විශිෂ්ටත්වය යළිත් තහවුරු වෙයි.. Business World International සම්මාන රාත්‍රියේදී හිරුට සම්මාන රැසක්..
ගල්කිස්ස මහ හෝටල් පරිශ්‍රයේ ඊයේ (16) දින පැවති Business World International Awards 2026 සම්මාන රාත්‍රියේදී සම්මාන රැසකින් පිදුම් ලැබීමට හිරු මාධ්‍ය ජාලය සමත් වුණා.
එහිදී, වසරේ වඩාත් ජනප්‍රියතම රූපවාහිනී නාලිකාව ලෙස හිරු ටීවී නාලිකාව සම්මානයට පාත්‍ර වූ අතර, වසරේ වඩාත් ජනප්‍රියතම ප්‍රවෘත්ති සපයන්නාට හිමි සම්මානය හිමිකරගත්තේ හිරු ප්‍රවෘත්ති අංශයයි.
වසරේ වඩාත් ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහන - ''හිරු ස්ටාර් '' දිනාගත් අතර වසරේ වඩාත් ජනප්‍රියතම ටෙලි නාට්‍යය - හිරු ටීවී - ''පාට කුරුල්ලෝ'' දිනා ගත්තා.
වසරේ වඩාත් ජනප්‍රියතම දේශපාලන වැඩසටහන - හිරු ටීවි - සලකුණට හිමි වුණා.
මේ අතර වසරේ වඩාත් ජනප්‍රියතම උදෑසන රූපවාහිනී වැඩසටහන - හිරු ටීවී - පත්තරේ විස්තරේ හිමිකර ගත්තා.
වසරේ ඉහළම නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමි යූටියුබ් නාලිකාව - හිරු ප්‍රවෘත්ති යූටියුබ් නාලිකාව හිමිවුණා.
වසරේ ඉහළම නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමි ටික්ටොක් ගිණුම - හිරු ටීවී ටික්ටොක් ගිණුම හිමිකර ගත්දී වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන්විදුලි නාලිකාව - හිරු එෆ්. එම්. සම්මාන දිනා ගත්තා.
මේ අතර වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන්විදුලි වැඩසටහන - හිරු එෆ්. එම්. - ඩීජේ අරා & පැස්බරා හිමිකර ගත්තා.
වසරේ වඩාත් ජනප්‍රියතම ඉංග්‍රීසි ගුවන්විදුලි නාලිකාව - ගෝල්ඩ් එෆ්. එම්. සතුවූ අතර වසරේ වඩාත් ජනප්‍රියතම දමිළ ගුවන්විදුලි නාලිකාව - සූරියන් එෆ්. එම්. හිමිවුණා.
එමෙන්ම වසරේ වඩාත් ජනප්‍රියතම තාරුණ්‍යයේ ගුවන්විදුලි නාලිකාව - ෂා එෆ්. එම් සතුකර ගත්තා.
මේ අතර වසරේ වඩාත් ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නා - හිරු ටීවී - චමුදිත සමරවික්‍රම දිනා ගත්තා.