"පාරවල් මාරුවෙන 'පයින්ටුව' පිරිසක් ගලවලා" පාරවල් දෙකක යන්න පුළුවන් උපරිම දුර ගියාට පස්සේ දුම්රිය මැදිරිය පෙරළිලා..
Saturday, 16 May 2026 - 16:14 | Views - 107
වනවාසල උප දුම්රිය ස්ථානය අසලදී අද (16) සිදුවූ දුම්රිය අනතුරට හේතුව දුම්රිය මාර්ගයේ පැවති "පයින්ටුව" ගැලවීම නිසා බවට නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පැවසුවා.

දුම්රියක් ධාවනය වෙද්දී එය එක් පීල්ලක සිට තවත් පීල්ලකට මාරු කරන අතිශය තීරණාත්මක කොටසක් වන 'මෝටර් පොයින්ට් එකේ රොඩ් එක' (Motor Point Rod) ගැලවීම හේතුවෙන් මෙම බිහිසුණු අනතුර සිදු වී තිබෙනවා.

මෙම අනතුරට දැනට නිරීක්ෂණය වන හේතුව ඝන අපද්‍රව්‍ය සැකසුම් අංගනය සහ ප්‍රධාන මාර්ගය අතර පවතින පාර මාරුකරන පයින්ටුව යම් කෙනෙක් හෝ පිරිසක් විසින් හිතාමතා හෝ සංවිධානාත්මකව නැත්නම් සොරකමකට ගැලවීම බවයි ඔහු පැවසුවා.

''වනවාසල උප දුම්රිය ස්ථානය අසල තියෙනවා කොළඹ ඝන අපද්‍රව්‍ය සැකසුම් අංගනයක්. ඒකට දුම්රිය මාර්ගයක් ගමන් කරනවා. නමුත් එය ක්‍රියාකාරී නෑ. එම ස්ථානයේදී අංක 507 දරණ දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.'' යැයිද ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ,

"මේ ගැලවීම නිසා පයින්ටුව බුරුල් වෙලා දුම්රියේ ඉදිරි මැදිරිය ප්‍රධාන මාර්ගයේත් පසුපස මැදිරි ඝන අපද්‍රව්‍ය සැකසුම් අංගනයට යන මාර්ගයේත් ධාවනය වෙලා තියෙනවා. ඒ විදියට මේ බලවේග කට්ටල දෙකේ මැදිරි මාර්ග දෙකේ ගමන් කිරීම නිසා දෙවැනි මැදිරිය පෙරලී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කෙරෙනවා."

ඇසූ සැනින් ලේ රත් වන කරුණ නම්, දුම්රිය මගීන් සිය ගණනකගේ ජීවිත අනතුරේ හෙළමින්, රජයට අතිවිශාල දේපළ හානියක් සිදු කරමින් මෙම විනාශය කර ඇත්තේ කුඩු උවදුරට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වීමයි..

තමන්ගේ මත්ද්‍රව්‍ය මාත්‍රාව සපයා ගැනීම වෙනුවෙන් පොදු දේපළ මංකොල්ලකෑමට හුරු වූ මෙම සැකකරු, අද පාන්දර දුම්රිය මාර්ගයේ තිබූ මෙම වටිනා යකඩ කොටස ගලවාගෙන ගොස් තිබෙනවා. එලෙස ගලවාගත් රොඩ් එක අසල පිහිටි යකඩ බඩු කඩයකට විකුණා මුදල් කර ගැනීමටත් ඔහු ඒ වන විටත් කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, වහා ක්‍රියාත්මක වූ පොලිසිය අනතුර සිදු වූ ස්ථානය අවට පරීක්ෂා කිරීමේදී, අසල තිබූ වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක මෙම පුද්ගලයාගේ සොරකම ඉතා පැහැදිලිව සටහන් වී තිබෙනවා. ඒ ඔස්සේ සිදුකළ මෙහෙයුමකින් මේ වන විට සැකකරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගත්තද, සිදුවීමට තිබූ මහා විනාශය වැළැක්වීමට එය ප්‍රමාණවත් වූයේ නැහැ. මේ වන විටත් මෙම අනතුර හේතුවෙන් අහිංසක දුම්රිය මගීන් 10 දෙනෙකු පමණ බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලංකාවේ ජනප්‍රියම තරු පවුලක බාලම සුරංගනාවිය, හැමෝම ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද්...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top