තැපැල් කාර්යාලවලට නව මුහුණුවරක්.. තැපැල් සේවාවේ අනාගතය වෙනුවෙන් රජය ගත් පියවර මෙන්න..
Saturday, 16 May 2026 - 15:38 | Views - 78
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තැපැල් සේවාව වඩාත් ආකර්ෂණීය හා කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පැරණි තැපැල් කාර්යාල 200ක් නවීකරණය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා රුපියල් මිලියන 600ක සුවිශේෂී ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළා.

වසර 150කට වඩා ඉපැරණි ඉතිහාසයක් ඇති බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමේ නිල උත්සවයට අද (16) දින එක්වෙමින් තැපැල්පතිවරයා මේ බව කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ ඔහු මෙරට පවතින ඉපැරණි තැපැල් කාර්යාල මහජනතාවට ප්‍රියමනාප ස්ථාන බවට පත් කිරීම තමන්ගේ ප්‍රධාන පරමාර්ථය බව අවධාරණය කළා.

එමඟින් සේවාලාභීන් වැඩි වැඩියෙන් රාජ්‍ය තැපැල් සේවාවන් කරා ආකර්ෂණය කරගත හැකි වනු ඇති බව ඔහු විශ්වාස කළා.

මෙලෙස නවීකරණය කරනු ලබන තැපැල් කාර්යාල සඳහා විශේෂිත මෙහෙයුම් ඉලක්ක (Targets) ලබා දී තිබෙන බව මෙහිදී විශේෂ කරුණක් පෙන්වා දෙමින් තැපැල්පතිවරයා සඳහන් කළා.

එම ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සේවක මණ්ඩලය කැපවීමෙන් කටයුතු කිරීම තුළින්, මේ කාර්යාල ප්‍රතිසංස්කරණය කිරීමට වැය කළ රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන නැවතත් කෙටි කලකින් උපයා ගැනීමට හැකි වන බව ඔහු සහතික කළා.

තැපැල් කාර්යාල වෙත පැමිණෙන ජනතාවට වඩාත් විනිවිදභාවයකින් යුතු සේවාවක් සැපයීමේ අරමුණින්, ඉදිරියේදී සේවාවන් සියල්ල විනිවිද පෙනෙන වීදුරු කවුළු තුළින් පැහැදිලිව පෙනෙන සේ ඉතා කාර්යක්ෂමව ඉටු කරන ලෙස ඔහු සමස්ත සේවක මණ්ඩලයෙන් ඉල්ලා සිටියා.

නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත රුලංගමුව ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගි වූ මේ නවීකරණ වැඩපිළිවෙළ හරහා ඉදිරියේදී මෙරට තැපැල් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවනු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වාදී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලංකාවේ ජනප්‍රියම තරු පවුලක බාලම සුරංගනාවිය, හැමෝම ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද්...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top