ජනතාවට ඉදිරියේදී සහන රැසක්.. බලශක්ති කළමනාකරණය ගැන අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්.
රට තුළ ලබන අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන පවතින බවත්, මෙම වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ද මේ වන විටත් ඉල්ලුම් කර ඇති බවත් බලශක්ති ක්ෂේත්‍රය නියෝජනය කළ නිලධාරීන් පැවසුවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ හයවන රැස්වීමේදී නිලධාරීන් මේ බව අනාවරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.
මෙහිදී ඉදිරියේදී ඉන්ධන සහන ලබා දීමට ඇති අවස්ථා පිළිබඳව මෙන්ම, මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබා දීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුවෙලා තිබෙනවා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ රැස්වීමේදී ඇය අවධාරණය කළේ වෙනත් රටවල මෙන් බලශක්ති අර්බුදය ජනතාවට පීඩාවක් නොවන ලෙස කළමනාකරණය කිරීමට රජය පියවර ගත් බවයි.
ජනතාවට බරක් නොවී එහි වියදම රජය දරාගනිමින් තිරසර කළමනාකරණ ක්‍රියාවලියක් අනුගමනය කළ ද, පවතින අර්බුදය තවමත් අවසන් වී නොමැති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කරලා තිබෙනවා.
වෙනත් රටවල ඉන්ධන පෝලීම් සහ විදුලි කප්පාදු කිරීම් සිදු වුවද, ශ්‍රී ලංකාව තුළ රජය නිසි පරිදි බලශක්තිය කළමනාකරණය කිරීම හේතුවෙන් ජනතාවට එහි බලපෑම දැඩිව දැනී නොමැති බවත්, එහෙත් මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බවත් ඇය පෙන්වා දී තිබෙනවා.
එසේම එළඹෙන වෙසක් සතිය වෙනුවෙන් ජනතාවට අවශ්‍ය පරිදි විදුලිය ලබා දීමට කටයුතු කළ යුතු බව ද අගමැතිනිය මෙහිදී අවධාරණය කර තිබෙනවා.