ජනතාවට ඉදිරියේදී සහන රැසක්.. බලශක්ති කළමනාකරණය ගැන අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්.
Saturday, 16 May 2026 - 12:31 | Views - 77
රට තුළ ලබන අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන පවතින බවත්, මෙම වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ද මේ වන විටත් ඉල්ලුම් කර ඇති බවත් බලශක්ති ක්ෂේත්‍රය නියෝජනය කළ නිලධාරීන් පැවසුවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ හයවන රැස්වීමේදී නිලධාරීන් මේ බව අනාවරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

මෙහිදී ඉදිරියේදී ඉන්ධන සහන ලබා දීමට ඇති අවස්ථා පිළිබඳව මෙන්ම, මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබා දීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුවෙලා තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ රැස්වීමේදී ඇය අවධාරණය කළේ වෙනත් රටවල මෙන් බලශක්ති අර්බුදය ජනතාවට පීඩාවක් නොවන ලෙස කළමනාකරණය කිරීමට රජය පියවර ගත් බවයි.

ජනතාවට බරක් නොවී එහි වියදම රජය දරාගනිමින් තිරසර කළමනාකරණ ක්‍රියාවලියක් අනුගමනය කළ ද, පවතින අර්බුදය තවමත් අවසන් වී නොමැති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කරලා තිබෙනවා.

වෙනත් රටවල ඉන්ධන පෝලීම් සහ විදුලි කප්පාදු කිරීම් සිදු වුවද, ශ්‍රී ලංකාව තුළ රජය නිසි පරිදි බලශක්තිය කළමනාකරණය කිරීම හේතුවෙන් ජනතාවට එහි බලපෑම දැඩිව දැනී නොමැති බවත්, එහෙත් මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බවත් ඇය පෙන්වා දී තිබෙනවා.

එසේම එළඹෙන වෙසක් සතිය වෙනුවෙන් ජනතාවට අවශ්‍ය පරිදි විදුලිය ලබා දීමට කටයුතු කළ යුතු බව ද අගමැතිනිය මෙහිදී අවධාරණය ක‍ර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top