සංගීත ලෝකයේ දැවැන්තයෝ එකම වේදිකාවකට එයි.. ඉතිහාසය වෙනස්කරන්න යන සුපිරි ප්‍රසංග‍ය..
Friday, 15 May 2026 - 12:45 | Views - 73
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය වඩාත් උත්කර්ෂවත් කිරීම සඳහා ලෝක පූජිත සංගීත තරු කිහිපයක් එකම වේදිකාවකට ගෙන ඒමට සංවිධායකයින් කටයුතු කරලා තිබෙනවා.

ඒ අනුව ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවැත්වෙන 'Super Bowl' ආරයේ Half-time ප්‍රසංගය සඳහා මැඩෝනා (Madonna), ෂකීරා (Shakira) හා දකුණු කොරියාවේ සුපිරි BTS කණ්ඩායම ප්‍රධාන චරිත ලෙස එක්වන බව විදෙස් මාධ්‍ය තහවුරු කළා.

ලබන ජූලි 19 වනදා නිව් ජර්සි හි පැවැත්වෙන අවසන් මහා තරඟයේ විවේක කාලය තුළ මේ ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි.

පාපන්දු නීතිරීතිවලට අනුව විවේක කාලය විනාඩි 15 නොයික්මවිය යුතු බැවින්, මේ විශේෂ සංදර්ශනය විනාඩි 11ක කාලයකට සීමා කිරීමට තීරණය කරලා තිබෙනවා.

මීට පෙර පැවැති සමාජීය තරඟාවලාවලදී මේ කාලය දීර්ඝ වුවද, මෙවර නීති රීති දැඩිව අනුගමනය කරන බව සංවිධායකයින් ප්‍රකාශ කළා.

සුපිරි තරු පෙළගැස්මට අනුව ෂකීරා (Shakira) සිය නවතම ලෝක කුසලාන ගීතය වන "Dai Dai" එළඹෙන බ්‍රහස්පතින්දා නිකුත් කිරීමට සූදානමින් සිටිනවා.

ඒ වගේම පොප් රැජින ලෙස හැඳින්වෙන මැඩෝනා (Madonna) එළඹෙන ජූලි 3 වනදා සිය 15 වැනි ඇල්බමය වන "Confessions II" නිකුත් කිරීමට නියමිත බවද තහවුරු කරලා තිබෙනවා.

වසර තුනක හමුදා සේවයෙන් පසු නැවතත් සංගීත ක්ෂේත්‍රයට පිවිසි BTS කණ්ඩායම සිය දැවැන්ත ලෝක සංචාරය අතරතුරදී මේ ප්‍රසංගයට එක්වීමට නියමිතව තිබෙනවා.

ලෝක ප්‍රකට 'Coldplay' කණ්ඩායමේ ක්‍රිස් මාටින් (Chris Martin) විසින් නිර්මාණය කරනු ලබන මේ ප්‍රසංගය හරහා ලොව පුරා සිටින දරුවන්ගේ අධ්‍යාපන අරමුදලක් (Fifa Global Citizen Education Fund) වෙනුවෙන් ඩොලර් මිලියන 100ක මුදලක් රැස් කිරීමට ද සැලසුම්කර තිබෙනවා.

මෙය ලෝක පාපන්දු ඉතිහාසයේ සනිටුහන් වන සුවිශේෂී සහ ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බව ෆිෆා (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ප්‍රකාශ කළා.

BBC පුවත් ඇසුරෙන්.
Share This Article
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලංකාවේ ජනප්‍රියම තරු පවුලක බාලම සුරංගනාවිය, හැමෝම ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top