හැටන් කලාපයේ සියලුම පාසල් වැසේ.. සිසුන්ගේ හා ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බලධාරීන් ගත් පියවර මෙන්න..
මධ්‍යම කඳුකරයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් සඳහා අද (15) දින නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා තීරණය කරලා තිබෙනවා.
හැටන් අධ්‍යාපන කලාපයට අයත් ප්‍රදේශවල මේ වනවිට අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව වාර්තා වෙනවා.
මාර්ග ලිස්සා යාමේ අවදානම හා නායයෑමේ අවදානම් පවතින ප්‍රදේශවල සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේද ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ පියවරගත් බවයි ලේකම්වරයා සඳහන් කළා.
පවතින වැසි තත්ත්වය තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් පවතින බව කාලගුණ අංශ විසින් අනාවැකි පලකරලා තිබෙනවා.
මේ නිසා දරුවන් අනවශ්‍ය ලෙස ජලාශ හෝ ඇළ දොළ අසලට යැවීමෙන් වළකින ලෙසත්, කාලගුණික තත්ත්වය යහපත් වන තෙක් අවධානයෙන් පසුවන ලෙසත් බලධාරීන් ඉල්ලීමක් කළා.
පාසල් යළි ආරම්භ කරන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.