අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරටත්.. ආරක්ෂිතව සිටින්නැයි කාලගුණ අංශයෙන් ජනතාවට උපදෙස්..
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් උත්සන්න වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (15) දින නිවේදනය කළා.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව එහි සඳහන් වෙනවා.
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අංශය විසින් අනාවැකි පල කළා.
මේ වැසි සහිත තත්ත්වයත් සමඟ ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාමේ අවදානමක්ද තිබෙනවා.
ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළා.
විශේෂයෙන්ම ඌව හා නැගෙනහිර පළාත්වල පස්වරු 1.00න් පසුව වැසි ඇතිවීමේ හැකියාව තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පවතින තත්ත්වය මත වෙරළාසන්න ජනතාව හා ධීවර ප්‍රජාව වඩාත් විමසිලිමත්වන ලෙසත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.