"අයිතිකරුවෙක් නැති ඉඩම විශ්වවිද්‍යාල සිසුන්ට දෙන්න" මල්වානෙන් ඇසුණු අන්තරේ හඬ..
Thursday, 14 May 2026 - 17:10 | Views - 74
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින උග්‍ර ඉඩකඩ හිඟයට විසඳුමක් ලෙස, මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩම හා නිවස වහාම උසස් අධ්‍යාපන කටයුතු සඳහා පවරා ගන්නා ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) විරෝධතාවක නිරතවෙනවා.
මේ විරෝධතාව මල්වානේ අදාළ ඉඩම පිහිටි පරිශ්‍රය අසලදී පැවැත්වුණු අතර වත්මන් රජය බලයට පත්වීමේදී දුන් පොරොන්දු අනුව මහජන මුදලින් සොරකම් කරන ලදැයි කියන මෙවැනි දේපල වහාම ජනසතු කළයුතු බව ශිෂ්‍ය ක්‍රියාකාරීන් කියා තිබෙනවා.
හිමිකරුවෙකු ඉදිරිපත් නොවන මේ දේපල පොදු ජනතා පරිහරණයට ලබාදීම රජයේ වගකීමක් බව ඔවුහු අවධාරණය කළා.
පසුගිය කාලය පුරා විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ඉඩකඩ හිඟය පිළිබඳව බලධාරීන් දැනුවත් කළද, මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් ලැබී නොමැති බව ශිෂ්‍ය බලමණ්ඩලය පෙන්වාදී තිබෙනවා.
පෝස්ටර් ව්‍යාපාර හා සාකච්ඡාවලින් ඔබ්බට ගොස් මේ ඉඩම සෘජුවම ඉල්ලා සිටීමට ශිෂ්‍ය ක්‍රියාකාරීන් තීරණය කරලා තිබෙනවා.
පවතින අධ්‍යාපනික ගැටලුවලට විසඳුම් ලෙස මෙවැනි විශාල ඉඩම් පරිශ්‍රයන් භාවිතා කිරීමේ හැකියාව පවතින බව විරෝධතාවයට එක්වූ සිසුහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article