අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙයි. අකුණු හා තද සුළං අනතුරු ගැන තවදුරටත් අවධානයෙන් සිටින්න..
Thursday, 14 May 2026 - 9:07 | Views - 62
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) නිකුත් කළා.

කෙසේවෙතත් ඉදිරි පැය 36 තුළ මේ පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පවතින තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති වියහැකි අතර උතුරු පළාතේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
ලංකාවේ ජනප්‍රියම තරු පවුලක බාලම සුරංගනාවිය, හැමෝම ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top