උසස්පෙළ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යයි.. සම්පූර්ණ විස්තරය මෙන්න.
එප්පාවල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක උසස්පෙළ හදාරන සිසුන් දෙපිරිසක් අතර අද (13) දහවල් ඇති වූ දරුණු ගැටුමකින් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මේ ගැටුම සඳහා තියුණු ආයුධයක් භාවිත කර ඇති අතර, එය පාසලට රැගෙන ආ සිසුවෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර පාසලේ තාක්ෂණ අංශයේ හා ජීව විද්‍යා අංශයේ සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් මේ ගැටුමට මුල් වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වෙලා තිබෙනවා.
එම සිද්ධියට පළිගැනීමක් ලෙස ජීව විද්‍යා අංශයේ සිසුවෙකු විසින් අද දින පාසලට තියුණු ආයුධයක් රැගෙනවිත් තිබෙනවා.
මේ ආයුධය භාවිත කර සිදුකළ පහරදීමෙන් තාක්ෂණ අංශයේ සිසුවෙකු තුවාල ලබා ඇති අතර, ගැටුම පාලනය කිරීමට මැදිහත් වූ තවත් සිසුන් සිව් දෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කරලා තිබෙනවා.
තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර, පාසලක් තුළට මෙලෙස ආයුධ රැගෙන ඒම හා සිසුන් අතර විනය පිරිහීම සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය හා පාසල් බලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වනවා.