රත්නපුරේ මහා පරිමාණ මැණික් කොල්ලයේ සැකකරු දැලේ.. ඔහුව පොලිස් දැලට හසුකරගත්තේ මෙහෙමයි..
Wednesday, 13 May 2026 - 15:22 | Views - 74
රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුළු වී, තියුණු ආයුධ පෙන්වා නිවැසියන් බියගන්වා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් දේපළ කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට ගැනීමට රත්නපුර පොලිසිය සමත්වෙලා තිබෙනවා.

මේ සූක්ෂ්ම මෙහෙයුමේදී කොල්ලකන ලද මැණික් ගල් සහ රන් භාණ්ඩ තොගයද සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා.

පොලිස් වාර්තාවලට අනුව මේ කොල්ලකෑම සිදුව ඇත්තේ පසුගිය 11 වැනිදා රාත්‍රියේයි. අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි ව්‍යාපාරිකයාගේ මව හා සොහොයුරිය තියුණු ආයුධ පෙන්වා මරණීය බියට පත්කරලා තිබෙනවා.

අනතුරුව ඔහු විසින් රුපියල් කෝටි හතක් වටිනා මැණික් ගල්, රුපියල් ලක්ෂ 20ක් වටිනා රන් භාණ්ඩ සහ රුපියල් එක්ලක්ෂ අනූ පන්දහසක (195,000) මුදලක් කොල්ලකා පළා ගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබීමත් සමඟ ක්‍රියාත්මක වූ රත්නපුර පොලිසිය, ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන ඉතා සූක්ෂ්ම ලෙස පරීක්ෂාවට ලක්කරලා තිබෙනවා.

එම දර්ශන ඔස්සේ සැකකරු හඳුනා ගැනීමට සමත්වූ පොලිස් කණ්ඩායම විශේෂ මෙහෙයුමකින් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී කොල්ලකන ලද දේපළ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව කොල්ලකන ලද මැණික් ගල් තොගය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් අතර රන් භාණ්ඩ තොගය සැකකරු සන්තකයේ තිබියදීම පොලිස් භාරයට කොල්ලකන ලද මුදලින් රුපියල් 52,000ක මුදලක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (13) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Share This Article
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top