දිස්ත්‍රික්ක ‍රැසකට අයහපත් කාලගුණයෙන් බලපෑම්.. ප්‍රවේශමෙන් සිටින්නැයි බලධාරීන්ගෙන් උපදෙස්..
Wednesday, 13 May 2026 - 9:01 | Views - 206
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

බස්නාහිර, සබරගමුව, පුත්තලම, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවන ඉතා තද වැසි ඇති විය හැකි බවට අනාවැකි පළකරලා තිබෙනවා.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ කැස්බෑව පිළියන්දල ප්‍රදේශයෙන් වන අතර එය මිලිමීටර් 204ක් ලෙස සටහන්වුණා.

මීට අමතරව වේයන්ගොඩ, ගිලිමලේ හා වතුපිටිවල ප්‍රදේශවලටද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇද හැලී තිබෙනවා.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බදුල්ල, කළුතර, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක 8ක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් අද පස්වරු 4.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ අතර කොළඹ, කොටහේන, ආමර් බාබර් හන්දිය ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

වැසි තත්ත්වය සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතින බැවින්, එළිමහනේ රැඳී සිටින විට හා විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top