උපන්දිනය දවසේම ලක්මාල්ට අත්වූ ඛේදනීය ඉරණම.. පළිගැනීමක් මරණයකින් කෙළවර වෙයි.
Tuesday, 12 May 2026 - 14:58 | Views - 79
අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේදී අද (12) අතිශය බියකරු ඝාතනයක් සිදුවෙලා තිබෙනවා.

තිදරු පියෙකු වන 34 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්වී ඇති අතර ප්‍රහාරයෙන් ඔහුගේ බිරිඳගේ පියාද බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

නිවසට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු විසින් මේ ඝාතනය සිදුකර ඇති අතර ඝාතකයින් විසින් මියගිය පුද්ගලයාගේ හිස කඳින් වෙන් කර මාමඩල මංසන්ධියේ ඇති පිළිරුවක එල්ලා ගොස් තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයේ තිබී ඝාතකයින් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙය මීට පෙර සිදුවූ ත්‍රිත්ව ඝාතනයකට පළිගැනීමක් ලෙස සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙනවා.

මියගිය පුද්ගලයා අම්බලන්තොට, ඇලේගොඩ ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු වන අතර, ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය මාර්තු 30 වනදා ඇප මත පැමිණ තිබෙනවා.

අම්බලන්තොට පොලීසිය මේ වනවිට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top