අල්ලස් කොමිසම හමුවේ හිටපු ජනපති මහින්ද පෙනී සිටියි..
Tuesday, 12 May 2026 - 12:19 | Views - 75
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ දැනුම්දීමකට අනුව අද පෙරවරුවේ එහි පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැය දෙකක පමණ ප්‍රකාශයක් ලබා දී අල්ලස් කොමිසමෙන් පිටව ගියා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම පිළිබඳව එම කොමිසම සිදුකරන විමර්ශනයට අදාළවයි හිටපු ජනපතිවරයා අද දිනයේ කැඳවා තිබුණේ.

මෙම ගනුදෙනුවේදී ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට පසුගියදා සැක කටයුතු ලෙස මියගිය, එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනට අල්ලස් කොමිසම නඩුවක් ගොනුකර තිබෙනවා.

එහිදී රුපියල් මිලියන 60ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්ථා තුනකදී ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේ යැයි අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දී තිබුණා.

මේ අතර, එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ ද ඊයේ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.

සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්..

Share This Article
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top