දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. 154 කණුව අසල වෑන් රථයක් හා ලොරියක් ගැටෙයි..
Sunday, 10 May 2026 - 17:50 | Views - 164
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හා කසාගල අතර කොටසේ 154 වන කණුව ආසන්නයේ අද (10) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරලා තිබෙනවා.
වෑන් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරලා තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දස දෙනාම මේ වනවිට තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබෙනවා.
තුවාල ලැබූ පිරිස අතර විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් ද සිටින බව අප වාර්තාකරු අනාවරණය කරලා තිබෙනවා.
අධිවේගී මාර්ගයේ සිදුවූ මේ අනතුර හේතුවෙන් එම කොටසේ රථවාහන ගමනාගමනයට ද යම් බාධා පැමිණ ඇති අතර, පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා.
Share This Article