චීනයෙන් පරිසරයට අලුත් බලාපොරොත්තුවක්.. උණ බම්බු වලින් ප්ලාස්ටික් නිපදවන විස්මිත තාක්ෂණය ගැන ඇසෙන කතාව මෙන්න.
Sunday, 10 May 2026 - 16:45 | Views - 75
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන් විසින් අතිශය සාර්ථක විකල්පයක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව, ඛනිජ තෙල්වලින් නිපදවන ප්ලාස්ටික් වෙනුවට උණ බම්බු අණුක ප්ලාස්ටික් (BM-plastics) භාවිතා කළ හැකිබව චීනයේ නෝර්ත්ඊස්ට් ෆොරෙස්ට්‍රි යුනිවර්සිටි (Northeast Forestry University) මගින් සොයාගෙන තිබෙනවා.

මේ නව උණ බම්බු ප්ලාස්ටික්, සාමාන්‍ය ප්ලාස්ටික් වලට වඩා ඇදහිය නොහැකි තරම් ශක්තිමත් බවද අනාවරණය වෙලා තිබෙනවා.

මෙහි ඇදීමේ ශක්තිය මෙගාපැස්කල් 110 ක් පමණ වන අතර සාමාන්‍ය PLA ප්ලාස්ටික් වලට වඩා දෙගුණයක ශක්තියක් මෙහි පවතින බව සොයාගෙන තිබෙනවා.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ උණ බම්බු සතුව පවතින ඝන හයිඩ්‍රජන් බන්ධන ජාලය (Hydrogen-bond network) බව පර්යේෂකයින් පෙන්වාදීලා තිබෙනවා.

සාමාන්‍ය ප්ලාස්ටික් දිරාපත් වීමට වසර සිය ගණනක් ගතවුවත්, මේ නව ද්‍රව්‍යය පරිසර හිතකාමී ලෙස ඉතා වේගයෙන් පස් බවට පත්වන බව හෙළිවෙලා තිබෙනවා.

පසට දැමූ පසු දින 50ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙය සම්පූර්ණයෙන්ම දිරාපත් වන බව පර්යේෂණ මගින් තහවුරු කරලා තිබෙනවා.

විශේෂම කරුණ වන්නේ, මෙය ප්‍රතිචක්‍රීකරණය කළ පසුවත් එහි මුල් ශක්තියෙන් 90%ක්ම එලෙසම පවතින බව පෙන්වා දීලා තිබෙනවා.

ලෝකයේ වැඩිම උණ බම්බු සම්පතක් හිමි චීනය, මෙමඟින් සිය කාර්මික අංශය කාබන්වලින් තොර කිරීමට (Decarbonize) උත්සාහ කරමින් සිටින බව සඳහන් කරලා තිබෙනවා.

මෙය ඛනිජ තෙල් මත පදනම් වූ නිෂ්පාදනවලට තිරසාර විකල්පයක් ලබා දෙන චක්‍රීය ආර්ථිකයක (Circular Economy) ආරම්භයක් ලෙස හඳුන්වා දීලා තිබෙනවා.

අනාගතයේදී වතුර බෝතලයේ සිට ගෘහ උපකරණ දක්වා සියල්ල උණ බම්බු වලින් නිපදවෙන දිනය වැඩි ඈතක නොවන බව පර්යේෂකයින් විශ්වාසය පළකරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top